
(නිමන්ති රණසිංහ)
උද්ඝෝෂණයක් අතරතුරදී රාජ්‍ය දේපලවලට අනර්ථයක් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප කොන්දේසි කඩකළ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අද (01) නියෝග කළේය.
සිවුරට මුවාවි අධිකරණය මගහරින වැරදි සිදුනොකරන ලෙසට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා ඇප කොන්දේසි කඩ කිරීම සම්බන්ධයෙන් රක්ෂිත භාරයේ තැබීමට නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වන නඩුවට පෙනී නොසීටීම හේතුවෙන් වරෙන්තු ලැබ සිටි සුගතානන්ද හිමියන් මෝසන් පත්‍රයක් මගින් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් දෙන දානෙ ටික වළඳලා පාඩුවේ ඉන්න බැරි හේතුව තමයි මේ...
ටිකක් දරුණුයි කියලා නම් බැලූ බැල්මටම පේනවා.
සිවුරු දාගෙන දේශපාලනේ කරලා උතුම් බුද්ධ චීවරය කෙලෙසන්න එපා...
අහෝ.., නිවන් මග දුරුකර ගැනීම කවර නම් මාර සේනාවක බලපෑමක්ද? නිවනට දොර හැර නොගෙන සිපිරි ගෙට යන දොර ඇර ගැනීම නම් මහත් වූ හෙනයක්මයි...
අදාල මහනායකවරු ඇහැ කන පියාගෙන ඉන්නෙ නැතුව අසංවර මහණුන්, පැවිද්දන් නෙරපීමට ක්‍රියා නොකරන්නේ සසුන රැකීමටද, වැනසීමටදැයි විමසිය යුතුයි...