IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ටොන් 1.3ක හෙරොයින් තොගයක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

ටොන් 1.3ක හෙරොයින් තොගයක් සෆෝක් වරායෙන් අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය බලධාරීන් සමත් වී ඇත. 

මෙය මෙතෙක් බ්‍රිතාන්‍යයේ අත්අඩංගුවට ගත් විශාලම මත්ද්‍රව්‍ය තොගය ලෙස සඳහන් වන අතර එහි වටිනාකම ස්ටර්ලින් පවුම් මිලියන 120ක් පමණ වන බව ගණනය කර තිබේ.

නෞකාවක කන්ටේනරයක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර ඒවා සනීපාරක්ෂක උපකරණ සමග සඟවා තිබූ බව බලධාරීහු පවසති.

මේ වනවිට ෆෙලික්ස්ටොව් ජැටියේ නවත්වා තිබෙන නැව බ්‍රිතාන්‍යයේ ජාතික අපරාධ කාර්යාංශයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කරන බව පැවසේ.

මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ මත්ද්‍රව්‍ය තොගය පකිස්ථානයේ සිට ගෙනවිත් තිබෙන බවයි.

මෙම ජාවාරමට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයින් හතරදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (2)

ටොන් 1.3ක හෙරොයින් තොගයක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

Mahee Wednesday, 04 September 2019 11:50 AM

දුකේ බෑ අප්පා. ලංකාවට ලැබෙන්න තිබුණ විදේශ විනිමය නේද මේ අහකයන්නේ? අපේ හිරගෙවල්වල්වල ඉන්න ගෝලබාලයෝයි, පරමාධිකාරී බලය දරන මහමොල කාරයොයි හූල්ලනවා ඇති අනේ... අපිට එව්වා නම් කවුරුවත් අල්ලන්නේ නැතුව ගොඩට බාගන්න තිබුණනේ කියලා. ඇල්ලුවත් ලොකු මහත්තුරු ඇවිත් බදා ගත්තහම නෝ කේස්නේ අප්පා...

:       0       6

sachithWednesday, 04 September 2019 01:45 PM

අනේද කියන්නේ? මෙහෙ වුනා නම් වෙන්නේ ඕකේ 0.3 අල්ලලා, ඉතුරු ටොන් එකම ලස්සනට එළියට දාන එක... අපේ විලමැද බංගලාවේ කට්ටියගෙන් උපදෙස් ගත්තා නම් හරිනේ...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site