IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ටීඑන්ඒ සමඟ එක්වන්නැයි විග්නේෂ්වරන්ට ආරාධනා

(රොමේෂ් මධුෂංඛ)

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව තරග කිරීමට එක්වන ලෙසට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතාට ආරාධනා කරන බව ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ටෙලෝ පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම වවුනියාව ටෙලෝ පක්ෂ කාර්යාලයේ දී පැවති මාධ්‍ය සාකච්ජාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ කීය.

‘දෙමළ ජනතාවගේ ගැටළු විසදීම වෙනුවෙන් විග්නේශ්වරන් මහතා බිහි කළ නව සන්ධානය හරහා දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව එළැඹෙන මැතිවරණයට තරග කිරීමට ආරාධනා කරනවා විග්නේශ්වරන් මහතාගේ නව සන්ධානය දෙමළ ජාතික සන්ධානය වෙත එක්වූවහොත් දෙමළ ජනතාවගේ ගැටලු විසදීම වෙනුවෙන් නව ශක්තිමත් සන්ධානයක් හරහා මැතිවරණය තුළින් වැඩි බහුතර ආසන ප්‍රමාණයක් දිනාගත හැකියි.

දෙමළ ජාතික සන්ධාන නායකත්වය වෙනස්වුහොත් දෙමළ ජාතික සන්ධාන නව නායකයින් සමඟ එක්වීමක් සම්බන්ධයෙන් සළකා බැලිය හැකි බවට විග්නේශ්වරන් මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අඩෙක්කලනාදන් මහතාගෙන් විමසීමේදී මන්ත්‍රීවරයා එලෙස සඳහන් කළේය.

ටෙලෝ පක්ෂය විග්නේශ්වරන් මහතා සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වන අතර, විග්නේශ්වරන් මහතාගේ නායකත්වය යටතේ බිහිවන නව සන්ධානය වෙනුවෙන් ටෙලෝ පක්ෂය එක්වනු ඇති බවටද පසුගිය සමයේ ආරංචි පැතිරිණ.

කෙසේ නමුත් සී.වී.විගනේශ්වරන් මහතාගේ සන්ධානය වූ දෙමළ ජනතා සන්ධානය මෙවර මැතිවරණය වෙනුවෙන් තරග කරන අයුරු මෙන්ම ටෙලෝ පක්ෂයේ ආරාධනාව සමබන්ධයෙන්ධ මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නොමැත.

 



අදහස් (2)

ටීඑන්ඒ සමඟ එක්වන්නැයි විග්නේෂ්වරන්ට ආරාධනා

MD Tuesday, 21 January 2020 09:35 AM

අර දමිළ පවුලක් දිනවන්න ගිහින් ඒවා බලන්න. අහිංසක මිනිස්සු රවට්ටලා ගන්න ඡන්දෙන් ඔයාලා සුරසැප විඳිනවා. හොඳක් වෙයිද?

:       1       0

විපරමා Tuesday, 21 January 2020 02:06 PM

එකතු වෙලා බලයට එන්න හදන්නේ ජනතාව ගැන හිතලද? අපි නොදන්න දේසපාලුවන් ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site