(කේ. ඩි දේවපි‍්‍රය)
බොදු බලසේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ හා ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දායාසිරි ජයසේකර මහතා එක්ව අද (09) කතරගම පුදබිම වෙත පැමිණ විශේෂ ආගමික වතාවත් වල නියැලුණහ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කතරගම කිරි වෙහෙර වැද පුදා ගෙන අනතුරුව දේවාල භුමියට පැමිණ අෂ්ඨඵල බෝධිය වෙත පැමිණියහ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් විශේෂ බෝධි පුජාවක් පත්වනු ලැබීය.ඒ අවස්ථාවට දයාසිරි ජයසේකර මහතා ද එක් විය.
බෝධි පූජා පිංකමෙන් පසුව කතරගම දේවාලය වෙතද පැමිණි පිරිස පළතුරු පුජාවක් කතරගම දෙවියන්ට තබා ආශිර්වාද ප්‍රාර්ථන කර ගනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද හාමුදුරුවනේ දයාසිරි එක්ක? මේ මෝඩ දේශපාලකයන් එක්ක ඔබ වහන්සේගේ පින්තූර දාන්න එපා.
ඇයි දයාසිරි විතරක්?
හාමුදුරුවෝ සෙට් කරගෙන තිබෙන්නේ මරු කෙනෙක්නේ.. මෙයා පනින පැත්ත පරාදවෙනවා. මෙයා එක්ක සෙට් වුණොත් හාමුදුරුවන්ටත් යන්න වෙන්නේ රිම් එකෙන්..
පනින රිලවුන් ළංකර ගන්න එපා...
ඊළඟ ඡන්දෙට සිරිසේන ජනාධිපතිතුමාට ඉල්ලන්න කීමම ඇති දයාසිරිගේ බුද්ධි මට්ටම තක්සේරු කරන්න.
ගේම පැහැදිලියි..
ගියපාර මේ දයාසිරිලා ගෝඨාට දොස් කිව්වේ.... බොදුබල සේනාව ළංකර ගත්තයි කියලා..
හරි නේන්නම්... දැන්නම් බොහෝම පැහැදිලියි. මේ හාමුදුරුවෝ දේවාලෙට පලතුරු පූජාවකුත් තිබ්බද? හිතාගන්නත් බැහැ.
අපි දැකපු බුදුන්ගේ සරණ යමු.
ඥානසාර හාමුදුරුවනේ කතරගම දේවාලයට ගියේ කාව හම්බුවෙන්නද?
තව අලුත් ප්‍රොජෙට් එකක් වගේ... රට ගිනිතියන්නයි වෙන්නේ අපේ හාමුදුරුවනේ... කෝ අපේ මදුමාධව? තාම හැන්ගිලා...
ඔන්න බලලා මල්ලෙන් එළියට... ඔලුව දාලා බලනවා සිරා ඕකට තමයි එළියට දාන්න ඇත්තේ කියා හිතන්න පුළුවන් බබෝ...
මේවා තමයි සහශ්‍රයේ විහිළු... මරු මිනිහෙක් එක්ක කතරගම ගිහින් තියෙන්නේ....
හාමුදුරුවන්ට නිදහස දුන්නේ කවුද? දයාසිරි ඉන්නේ කවුරු ළඟද කියලා තේරුම් ගත්තා නම් මේ සිදුවෙන සියල්ල පැහැදිලියි නේද?
"දැන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග " කිව්වලු !