
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම බොල්ගොඩ ගඟට පැන දිවි නසා ගැනීමට ගිය සිය ඥාති සොහොයුරිය බේරා ගැනීම සඳහා ගඟට පැන්න පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරගම බැල්ලන්තුඩාව ගැමුණු මාවතේ පදිංචිව සිටි වරාය අධිකාරියේ සේවයේ නියුතුව සිටි 29 හැවිරිදි තෙල්ගේ තරිදු මධුසංඛ පීරිස් යන එක් දරු පියාය.
දිවි නසා ගැනීම සඳහා ගඟට පැන්න තරුණිය ප්‍රදේශවාසීන් බේරා ගත් අතර එම පුද්ගලයා දියේ ගිලී නොපෙනී ගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.