(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මැතිවරණයට සම්බන්ධ පෝස්ටර් තොගයක් ළග තබා ගෙන සිටි බව කියන ජාතික නිදහස් පෙරමුණේ හලාවත ආසන සංවිධායකවරයා අද (15) අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය පවසයි.

ජනාධිපතිවරණයට සම්බන්ධ පොස්ටර්  සැකකරුගේ නිවසේ තිබූ බවත් එහි  වර්ග දෙකක පෝස්ටර් 3850 ක් මාදම්පේ පොලීසිය බාරයට ගෙන තිබේ.

පොලිසියට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ පවත්වයි.

සැකකරු සහ පෝස්ටර් තොගය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.