( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික පෙත්සම් විභාගය විනිසුරුවරුන් පහට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (16) මෝසමක් ගොනු කර ඇත.
නීතීඥ නිලන්ත විජේසිංහ මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම මෝසමේ සඳහන් වන්නේ ජාතික වශයෙන් වැදගත් සහ ව්‍යවස්ථාම කරුණක් වන හෙයින් මෙය පහට හෝ ඊට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගත යුතු බවයි.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට මැදිහත්ව කරුණු දැක්වීමට අධිකරණය විසින් අවසර ලබා දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහාචාර්ය ජී.එල් .පීරිස් , අමාත්‍ය උදය ගම්මන්පිල , වැල්ලවත්තගේ ජගත් සිසිර සේන ද සිල්වා, මහාචාර්ය චන්න ජයසුමන සහ නීතිඥපී.දොළවත්ත යන පිරිස් විසින් මෙලෙස පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා මෙම මෝසම ගොනු කර ඇත .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 විධිවිධාන යටතේ පංච පුද්ගල , සත් පුද්ගල හෝ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටින බවද මෝසමේ සඳහන් වේ.
COMMENTS
ආණ්ඩුව ගෙනියන්න බහුතරයක් අවශ්‍ය නැහැ කියන මහාචාර්යවරයා ඇයි මේ නඩුව අහන්න බහුතරයක් විනිස්චකාරතුමන්ලා අවශ්‍ය බව කියන්නේ?
ඇයී මේ දවස්වල පාර්ලිමේන්තුවේ රැකෙන මුලික අයිතිවාසිකම් මදිද??
ඔලුව ඇතුලේ මදයක් නැති ඩමියක්!