IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජෙෆ්රි ඇලෝසියස්ට රට ගමන් තහනම තාවකාලිකව ඉවතට

(නිමන්ති රණසිංහ)
 
 
පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස්  සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් අලෝසියස් යන අයට පනවා තිබූ විදෙස් ගමන් තහනම දින හතක කාලයක් සදහා තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද  (05) නියම කළාය.
 
විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විරෝධතාවක් නොවූ බැවින් රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත ප‍්‍රතිකාර සදහා ඉන්දියාව බලා පිටත්ව යාමට ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් යන අයට එලෙස අධිකරණයෙන් අවසර ලැබිණී.
 
එසේම, ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් යන අයට සිංගප්පූරුව බලා පිටත් වීම සදහා අවසර ලබා දෙන ලෙසට අධිකරණයෙන් කළ ඉල්ලිම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධත්වය ප‍්‍රකාශ කළ බැවින් එම ඉල්ලීම අධිකරණය ප‍්‍රතික්ෂේප කළේය.
 
ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක‍්‍රමිකතාවක් සිදුකර රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියේ දෙවැනි සැකකරු වූ පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ පියා වූ ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර සිටින පාර්ශ්වකරුවෙකි.



අදහස් (2)

ජෙෆ්රි ඇලෝසියස්ට රට ගමන් තහනම තාවකාලිකව ඉවතට

Bamunuarachchi Tuesday, 05 February 2019 01:47 PM

මොකක්ද අනේ ඒ තහනම? ලංකාවේ සිටිනතුරු විදේශ ගමන් තහනම් හැබැයි විදේශයකට යන්න ඉල්ලුවාම අවසර ලැබෙනවා. නියමයි නේද?

:       0       1

Nuwan Tuesday, 05 February 2019 02:53 PM

මේවට තමා ලෝක හිනස්සන විහිළු කියන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site