(නිමන්ති රණසිංහ)
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් අලෝසියස් යන අයට පනවා තිබූ විදෙස් ගමන් තහනම දින හතක කාලයක් සදහා තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (05) නියම කළාය.
විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විරෝධතාවක් නොවූ බැවින් රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත ප‍්‍රතිකාර සදහා ඉන්දියාව බලා පිටත්ව යාමට ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් යන අයට එලෙස අධිකරණයෙන් අවසර ලැබිණී.
එසේම, ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් යන අයට සිංගප්පූරුව බලා පිටත් වීම සදහා අවසර ලබා දෙන ලෙසට අධිකරණයෙන් කළ ඉල්ලිම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධත්වය ප‍්‍රකාශ කළ බැවින් එම ඉල්ලීම අධිකරණය ප‍්‍රතික්ෂේප කළේය.
ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක‍්‍රමිකතාවක් සිදුකර රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියේ දෙවැනි සැකකරු වූ පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ පියා වූ ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර සිටින පාර්ශ්වකරුවෙකි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජෙෆ්රි ඇලෝසියස්ට රට ගමන් තහනම තාවකාලිකව ඉවතට
Bamunuarachchi Tuesday, 05 February 2019 01:47 PM
මොකක්ද අනේ ඒ තහනම? ලංකාවේ සිටිනතුරු විදේශ ගමන් තහනම් හැබැයි විදේශයකට යන්න ඉල්ලුවාම අවසර ලැබෙනවා. නියමයි නේද?
Nuwan Tuesday, 05 February 2019 02:53 PM
මේවට තමා ලෝක හිනස්සන විහිළු කියන්නේ.