(යොහාන් භාසුර)
එංගලන්ත සංචාරය අතරතුරදී ‘ජෛව ආරක්‍ෂක බුබුල’ බිඳ දමමින් හෝටලයෙන් පිටතට යෑමෙන් විනය කඩකළ බවට වරදකරුවන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර දෙක බැගින් තහනමක් ද, කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වසරඑකහාමාරක (මාස 18) ද, තහනමක් අද (29) පැනවීය.
මෙම තහනමට අමතරව ක්‍රීඩකයන් තිදෙනාට ඇමරිකානු ඩොලර් 25,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 50 ක් බැගින් දඩ නියම කර තිබේ.
මෙම දඩු මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විනය කඩකිරීමේ වරදට ක්‍රීඩකයකුට නියම කළ ඉහළතම දඩ මුදල ද වේ.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විමල් දිසානායක මහතාගේ සභාපතිත්වයේ යුත් විශේෂ පංච පුද්ගල විනය කමිටුව අද (29) පස්වරුවේ මෙම දඩුවම නිර්දේශ කළේය.
මෙම නිර්දේශිත දඩුවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට යොමු කිරීමෙන් පසුව එහි අනුමැතිය ලැබීමෙන් පසුව ක්‍රියාත්මක වේ.
මෙම තහනමත් සමඟ එම ක්‍රීඩකයන් තිදෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ කිසිඳු කාර්යයට සහභාගී විය නොහැක.
COMMENTS
මේ තහනම ඇත්තටම මේ විදිහට ක්‍රියාත්මක වුණොත් ලොකු දෙයක්...
කතන්දරේ සමාප්තයි ද එහෙනම්? දොරේ සද්දෙයි, බෙරේ සද්දෙයි දැන ගත්තා මෙච්චර තටමනකොට... විනය පරීක්ෂණ විහිළු...
ඒ අය ජනපති සමාව වත් ගන්න යනවද?
අනේ මන්දා ඉතින්...!
ජනාධිපති සමාව දුන්නොත්... මොකද?
සියලු දෙනාට පාඩමක් ලෙස තරඟ තහනමක් පැනවීම ඉතා සුදුසුයි. නමුත් දඩ මුදල ලෙස තරගාවලිය වෙනුවෙන් ඔවුන්ට වියදම් කළ මුදල පමණක් අයකර ගැනීම සාධාරණ බවයි මගේ හැඟීම.
දැඩි දඬුවමක් ලෙස පෙණුනත් කණ්ඩායමේ විනය නැවත ගොඩනගන්න නම් එහෙම කරන්න සිද්ධ වෙනවා. නවක ක්‍රීඩකයින්ට මෙය හොඳ පාඩමක්...
විනය එක, හොඳ තීරණයක්... හොඳ ක්‍රීඩකයින් නරක් කරන්නේ නිවැරදි විනය පාලනයක් නොමැති නිසා. මොවුන්ට ලැබුනේ පහසුකම් වලින් පිරුණු ක්‍රිකට් ක්‍රීඩාවක්. ඔවුන්ට එය නිවැරදි ආකාරයකට රටට ගෞරවයක් දෙන විදියට භාවිතා කරන්න තිබුණ අනිත් ක්‍රීඩකයින්වත් හැදෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව අනුමැතිය දෙයිද? නැද්ද? දන්නේ නෑනේ...