( බිමල් ශ්‍යාමල්)
අපරාධ කිහිපයකට සම්බන්ධ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් විදේශීය රටක ජීව අත්බෝම්බයක් සමඟ ඊයේ රාත්‍රියේ (13) පයාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
37 හැවිරිදි මෙම පුද්ගලයා කඩවක ගෝනහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පයාගල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී මරණ තර්ජනය කර මුදල් හා රන් භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිසීයට අවශ්‍යව සිටි සැකකරුවෙකි.
පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd