බිඟුන් මේනක ගමගේ
අයවැය තෙවැනි වර කියවීමේදී හෙට(5) ඊට එරෙහිව සිය පක්ෂය ඡන්දය පාවිච්චි කරන බව ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික නිදහස් පෙරමුණ පවසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස හා ජාතික නිදහස් පෙරමුණේ පද්ම උදයශාන්ත ගුණසේකර යන මන්ත්‍රීවරු ඒ බව සහතික කළහ.
2019 සමස්ත වියදම රුපියල් බිලියන 4500 න් 50%ක්ම වෙන්කර තිබෙන්නේ ආණ්ඩුව ලබාගත්ත ණය පොලී වාරිකය ගෙවීමට යැයි ද ආණ්ඩුවේ මේ වසරේ ඇත්ත වියදම ඉතිරි 50% යැයි ද ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
රජයේ සියලුම සේවා ගාස්තුවලට 15%ක බදු වැඩිවීමක් සිදුකිරීමෙන් 2019 දී ඒක පුද්ගල බදු බර රු. 60, 704 ක් බවට වැඩිවනු ඇතැයි ද එය පසුගිය වසරේ ඒක පුද්ගල බදු බරට වඩා රු. 11,000කින් වැඩිවීමක් යැයි ද වෛද්‍ය ජයතිස්ස මහතා සඳහන් කළේය.
ආණ්ඩුව ගෙනා අයවැය රටේ ප්‍රගතියට කිසිදු ආකාරයකින් හේතු නොවන්නේ යැයි ද මේ රටේ ජනතාව පෙළන ආර්ථික ප්‍රශ්නවලට එයින් විසඳුම් නොලැබෙන්නේ යැයි ද ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා කීය.
රට තවදුරටත් ණය කර ජනතාව ඇස් බැන්ඳුමකට ලක් කරන විජ්ජාවන්වලින් අයවැය පිරී ඇතැයි ද එයින් කියවෙන්නේ ආණ්ඩුවට තවදුරටත් රට කරවිය නොහැකි බව යැයි ද ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ජවිපෙ - ජානිපෙ ඡන්දය අයවැයට විරුද්ධව
sirimal Thursday, 04 April 2019 11:57 AM
වැඩක් කරන කෙනෙකුට ඒක කරන්න දෙන්නෙත් නැහැ, ඒගොල්ලෝ කියන කිසි වැඩක් කරන්න කවදාවත් ඒගොල්ලන්ට අවස්තාවක් ලැබෙන්නෙත් නැහැ. ඕක තමයි ජනතා විමුක්ති කට්ටියගේ සදාකාලික ශාපය. කල්ප විනාශයක් එනකල්ම හැම දේකටම වෙට්ටු දම දමා ඉන්න තමයි වෙන්නේ.
Chris Thursday, 04 April 2019 08:11 PM
මේ අයවැයේ මොකක්හරි හොඳක් ඇති
BamunuarachchiSaturday, 06 April 2019 08:25 AM
මුස්ලිම්වරුන්ටයි, දෙමළුන්ටයි බැංකු මංකොල්ල කාරයින්ට බොහොම හොඳයිලු...
Bamunuarachchi Sunday, 07 April 2019 11:10 AM
මුස්ලිම්වරු? කව්ද බොල... අපි නම් කියන්නේ හම්බයෝ කියලා.