(පද්මිණි මාතරගේ)
රට අපරාජිත කළ, මහජන ආරක්ෂාව බිලිදෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු යැයි බල කරමින් 12 වැනිදා උද්ඝෝෂණයක් පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික විජිත හේරත් මහතා පැවසීය.
මෙම උද්ඝෝෂණය පස්වරු 3.00ට ගොවි, කම්කරු, ශිෂ්‍ය, කාන්තා, තරුණ ඇතුළු බලවේග රැසකගේ සහභාගීත්වයෙන් කොළඹදී පවත්වන බවද ඒ මහතා කීය.
උද්ඝෝෂණ හා පාගමනට සමගාමීව ඉරිදා (9) සිට රට පුරා පෝස්ටර් ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක කිරීමට එම පක්ෂය සැලසුම් කර ඇත.
එක්සත් ජනපදය ඇතුළු ලෝක බලවතුන්ට රට පාවා දෙන, බදු බරෙන් බඩු මිලෙන් ජනතාව පෙළන, වරාය තෙල් ටැංකි, ඉඩම් ඇතුළු ජනතා සවියත්, විදේශයන්ට බිලි දෙන ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව සිය පක්ෂය දැඩිව අවධාරණය කර සිටින බවද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා විහිලු පෙරමුණ
තාප්ප ගානේ පෝස්ටර් අැලෙව්වොත් නම් දඩ ගහන්න වෙනවා.
අතීතයේදී පැවැතී ජවිපෙ රැස්වීම් කෙරෙහි රටේම අවදානය යොමු වුනා. නමුත් වර්තමානයේදී මෙම රැස්වීම් විහිළුවක් බවට පත්වෙලා...
නිකන් හිටපු නයි රෙද්ද අස්සේ දාගෙන, දැන් මොර දෙනවා කනවෝ කනවෝ කියාලා. මේ අයනේ මේ රජය බලයට ගෙනාවේ.
එදා පාර්ලිමේන්තුවේ දගලන කොට අපි දැනගත්තා ළගදිම මේ වගේ තව නාටකයකුත් එයි කියලා. මිනිස්සුන්ට දැන් ජවිපෙ එක විහිළුවක් වෙලා.
අම්මට සිරි මෙයාට එක පාරටම හැදුණු ලෙඩේ...
ජවිපෙට බැන බැන ඉමු.. එතකොට රට සුඛිත මුදිත වෙලා සිංගප්පූරැවක් වගේ වෙලා තියෙයි.. අවුරුදු 70 පරණ මහජනතාවණී.. සුභ පැතුම්..!
අවුරුදු පහකවත් ඉදිරි දැක්මක් නැති මෙයාලටද රටබාරදෙන්න කියලා ඉල්ලන්නේ "05 කියපු අපිට නම් මතකයි..
තව තවත් රට අවුල් කරන්න නැතිව ගෙදරට වෙලා ඉන්න මහත්තයෝ!
මේ අය නිසා හැම විටම ජනතාවගේ කටයුතුවලට බාධා පැමිනෙයි, මාර්ග අවහිරතා ඇතිවෙයි, වාහන තදබදය අධිකවෙයි.
මේ රට කරවපු දේශපාලන පක්ෂ මේ රටට කරපු අලාභ , අපරාධ දිහා බලපුවාම ජවිපෙ ඉතාම පහළම තැනක ඉන්නේ (එයාලගේ අතිනුත් බරපතල වැරදි වුනා තමයි) නමුත් මෙයාලට ඉන්න තැනින් අඟලක් උඩට එන්න බැරි වුණා. හැමදාම උද්ඝෝෂණ, පෝස්ටර්, සම්මන්ත්‍රණ විතරයි. මේ සමස්ත ක්‍රමයම කෙරෙහි තියන පොදු මහජන විරෝධය එක තැනකට ගොනු කරන්න එයාලට ශක්තියක් නැහැ. එක ජාතියේ අවාසනාවද නැත්නම් දශක ගණනකට කලින් ඇත්තේ සිරා කියපු විදියටම "ජ.වි.පෙ සී.අයි.ඒ ද?
ලෙඩේ වැඩි වෙලාද