(අජන්ත කුමාර අගලකඩ)
භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් වැඩි කිරීමට කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජීවන වියදම් කමිටුව හෙට (23) පෙරවරුවේ රැස්වෙයි.
කිරිපිටි ,සිමෙන්ති ,ගෑස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් වැඩි කිරිමට, ඒවා ආනයන සමාගම් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීම් කර ඇති අතර, හෙට පැවැත්වෙන ජීවන වියදම් කමිටු රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය .
මේ අතර, සම්බා සහ කීරි සම්බා පාලන මිල සම්බන්ධයෙන්ද හෙට පැවැත්වෙන ජීවන වියදම් කමිටු රැස්වීමේදී යළි සලකා බැලෙනු ඇතැයි වාර්තා වේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොහොමද ‘‘සැපද?‘‘ කියලා අහන්න අමතක වෙන්න එපා...
අදායම් මට්ටම් අනුව බදු පනවා එම බදු මුදල් යොදවා ගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත හෙලා දුප්පත් අසරණ ජනතාවට සහනයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා. අධික අදායම් ලබන අයවරුන්ට අධික බදුත්, අඩු අදායම් ලබන අයවරුන්ට අඩු බදුත් පැනවෙන සේ අදායම් මට්ටම් අනුව බදු ප්‍රතිපත්තිය සකසන මෙන් ඉල්ලා සිටිනවා.මේ සදහා අදායම් මට්ටම් වැඩිවීම අනුව බදු ප්‍රතිශත වැඩි කිරීම සුදුසුය.
ඕක නිකන් කතන්දර සාප්පුවක් විතරයි.වෙන ඇති වැඩක් නෑ.වෙන්න ඕන ඒවා වෙලා ඉවරයි
බණක් දහමක් අහගෙන ඉන්න