( ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව මඩකළපුව ප‍්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප‍්‍රදේශය ගංවතුරෙන් යටවී තිබියදී මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් ධාවනය කළ පෞද්ගලික බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා දෙසැම්බර් 27 දක්වා බන්ධනාගාර ගතකරන ලෙස පොළොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාසේකර මහත්මිය ඊයේ(21) නියෝග කළාය.
අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය සහ අපරීක්‍ෂාකාරී ක‍්‍රියාවකින් මරණය සිදුකිරීමට තැත්කිරීම ඇතුලූ චෝදනා ගණනාවක් සම්බන්‍ධයෙන් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ නියෝග කෙරිණි.
මෙසේ බන්ධනාගර ගත කෙරුණේ පෞද්ගලික බස් රථයේ රියැදුරු වන පොළොන්නරුව, තඹාලපාර අංක 398 ලිපිනයේ පදිංචි පොල්වත්තේ ගෙදර රුවන් පුෂ්පකුමාර යන අය සහ රියසහායක මාතලේ, මඩවල උල්පත,අංක 214 ලිපිනය පදිංචි රත්නායක රාළලාගේ අසංක ප‍්‍රසාද් රත්නායක යන දෙදෙනාය.
මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය, මාර්ගය ගංවතුරට යටවී තිබියදී මනම්පිටිය සහ පොළොන්නරුව, ගල්ලෑල්ල ප‍්‍රදේශය හරහා ධාවනය කරමින් සිටියදී ගංවතුරට ගසාගෙන ගොස් ඇත. බසය සහ මගීන් 54දෙනා පොලීසිය මහත් පරිශ්‍රමයකින් පසු බේරාගෙන ආරක්‍ෂිත ස්ථානකරා රැගෙන පැමිණි බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියාසිටියේය.
පොළොන්නරුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළහ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජලයෙන් යටවූ මාර්ගයේ බසය ධාවනය කළ රියදුරු- කොන්දොස්තර රිමාන්ඩ්
Perakum Sunday, 22 December 2019 05:26 AM
බස්රථයේ හිමිකරුටද දඬුවම් දිය යුතුයි.