(ආරියදාස කොඩිතුවක්කු)
මිද්දෙණිය ජුලම්පිටියේ පදිංචි ජී.ජී. අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (7) මරණීය දණ්ඩනය නියම කළේය.
වසර හතකට පෙර කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට එරෙහිව ඔහුට මරණ දඬුවම නියම කෙරිණි.
මෙලෙස මරණ දඬුවම නියම වුයේ මිද්දෙණිය, ජූලම්පිටියේ පදිංචි ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නැමත්තාටය.
2012.06.15 වන දින කටුවන, හැඩිවත්ත, පින්නමණ්ඩියේ අංක 26/ඒ ලිපිනයේ පදිංචි ලියනගේ රංජිත් නැමැත්තාගේ නිවසේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට රාත්‍රි 7.00ට පමණ කඩා වැදී ජුලම්පිටිය අමරේ නැමැත්තා විසින් සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක හා තරුණයකු මිය ගිය අතර තවත් පුද්ගලයකු බරපතල තුවාල ලැබීය.
(ඡායාරූප - චන්ද්‍රසේන ගමගේ)

COMMENTS
මේ අයගෙ මරන දඩුවම් අනිවාර්යයෙන් කල යුතුයි එතකොට තමා තවත් අය රගන්න එන් නැති වෙන්නෙ.
ප්‍රසිද්ධියේ ගල් ගසා මැරිය යුතුයි.
තව ටික දවසයි. ඊට පස්සේ මෙයත් කොළොන්නාවේ ගොයියත් එක්ක එළියේ.
හම්බන්තොට කාගේ බලය අරගෙනද මේ මිනී මැරුවේ? අමරේ හිරගෙදර වර්ජනය කරපු වෙලාවෙ ප්‍රශ්නය විසදන්න ගිය කෙනාව අපිටනම් මතකයි.
ඒකාලයේ මේ පුද්ගලයා ඉතාම බලවත් දේශපාලඥයෙකුගේ සමඟ සම්බන්ධකම් පැවැත්වුවා කියල නේද කියන්නේ.
අනුරාධපුරේදී දුන්නු පොරොන්දුව අනුව බයවෙන්න එපා. මල්ලිට කියයි නිදොස් කොට නිදහස් කරන්න කියලා..
එදා අනුර වාද පිටියට ඇවිත් දුරකථනයෙන් සම්බන්ධ වුනු මාධ්‍ය ප්‍රකාශකට තද උත්තරයක් දුන්නා මතකයි.
මන්ත්‍රීතුමනි, අපි ඔන්න මල් මාලයකට ඔඩරයකුත් දුන්නා ළඟදීම දිවුරුම් දෙනකොට දාල පිළිගන්න.