
වසර 16 කට ආසන්න කාලයක් තිස්සේ, ජර්මන් චාන්සල් ධුරය හෙබවූ ඇන්ජෙලා මර්කල්ගේ විශ්‍රාම යෑමත් සමඟ පැවැති ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කිරීමට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත් විය.
ඒ අනුව, ජර්මනියේ නව චාන්සල්වරයා ලෙස එම ධුරයට පත් වනු ඇත්තේ මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයේ නායක 63 හැවිරිදි ඕලෆ් ෂොල්ස් ය.
ආසන 735 කින් සමන්විත ජර්මන් පාර්ලිමෙන්තුව හැඳින්වෙන්නේ 'බුන්ඩස්ටාග්' (රයිස්තාග්) සභාව යනුවෙනි. ෆෙඩරල් මැතිවරණය පැවැත්වූයේ 'බුන්ඩස්ටාග්' මන්ත්‍රණ සභාවට නියෝජිතයන් පත් කර ගැනීමට මෙන්ම ජර්මනියටනව චාන්සල්යරයකු පත් කර ගැනීම සඳහාය.
මැතිවරණය ජයග්‍රහණය කළ මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 206 ක් දිනා ගත්තේය. ඔවුන් ඔවුන්ට හිතවාදී සෙසු පක්ෂ සමඟ එක් වී නව රජයක් පිහිටුවන බව ප්‍රකාශයට පත් කර තිබේ.
මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙසේ ජර්මනියේ බලයට පත් වූයේ 2005 වසරෙන් පසුව වීම ද විශේෂත්වයකි. ජනතා තීන්දුවට ස්තුති කරන බවත්, ජනතාවට සුදුසු සහ ගැලපෙන පාලනයක් ආරම්භ කිරීමට මෙය හොඳ අවස්ථාවක් බවත් ජයග්‍රහණයේ සතුට සමරමින් ඕලෆ් ෂොල්ස් පවසා තිබේ. ජනතා විශ්වාසය කඩ නොකරන බවට ද ෂොල්ස් ප්‍රතිඥා දී ඇත.
67 හැවිරිදි ඇන්ජෙලා මර්කල් සිය ධුරයෙන් විශ්‍රාම යෑමත් සමඟ ජර්මන් ෆෙඩරල් මැතිවරණය පැවැත්වූයේ ඊයේ (26) ය. 2005 වසරේ සිට ජර්මනියට ශක්තිමත් නායකත්වයක් දෙමින්, එරට ආර්ථිකය වර්ධනය කිරීමට ඇන්ජෙලා මර්කල් සහ ඇගේ 'යූනියන්' සන්ධානය සමත් වී තිබුණි.
යුරෝපයේ 'යකඩ ගැහැනිය' යන නමින් ඇන්ජෙලා මර්කල් හැඳින්වෙන අතර, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඇය මුළුමහත් ජර්මන් වැසියන්ගේ ගෞරවයට පාත්‍ර වූ තැනැත්තියකි.
ඇන්ජෙලා මර්කල් නියෝජනය කරන්නේත් පසුගිය වසර ගණනාව පුරාවට ජර්මනියේ පාලක පක්ෂය ලෙස කටයුතු කළේත් 'ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්' පක්ෂයයි. 'ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්', 'ක්‍රිස්ටියන් සෝෂල් යූනියන්' පක්ෂය සමඟ සන්ධානගතවී සිටී. මෙම සන්ධානය පොදුවේ හැඳින්වෙන්නේ 'යූනියන්' යනුවෙනි.
ඇන්ජෙලා මර්කල් විශ්‍රාම යෑම තීරණය කිරීමත් සමඟ පක්ෂයට නව නායකයකු තෝරා ගැනුණි. එසේ තෝරා ගැනුණේ 60 හැවිරිදි අර්මින් ලැස්චේ ය. ඇන්ජෙලා මර්කල්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑමට අර්මින් ලැස්චේ ප්‍රතිඥා දී තිබුණත්, මැතිවරණ ප්‍රතිඵල අනුව පෙනී ගියේ ජනතාව අර්මින් ලැස්චේ කෙරෙහි හෝ 'යූනියන්' සංධානය කෙරෙහි හෝ වැඩි විශ්වාසයක් නොමැති බව යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජර්මන් මැතිවරණයෙන් විපක්ෂයට ජය
Hafeel Monday, 27 September 2021 07:44 PM
නමුත් ලංකාවේ ජනාධිපති, අගමැති ඇමතිලාට වඩා වයසින් අඩු.
චන්දන Tuesday, 28 September 2021 07:15 AM
මේ වන විට යුරෝපා රටවල වාමාංශික දේශපාලනයේ නැගී සිටීම ක් සිදු වෙමින් තිබෙනවා .
Raveendra Tuesday, 28 September 2021 08:10 AM
අපේ රටෙත් "පට්ටි ගොන්නු" ටික මෙහෙම හිතාගෙන ඇති නේද ඒ ඒ ගොන්නුන්ගේ අනාගතය ගැන..