ජර්මනියේ නැගෙනහිර ඩ්‍රෙස්ඩන් ග්‍රීන් වෝල්ට් කෞතුකාගාරයෙන් ඉහළ වටිනාකමකින් යුත් දියමන්ති ස්වර්ණාභරණ කට්ටල තුනක් සොරකම් කර ඇතැයි වාර්තා වේ.
යුරෝපයේ විශාලම වටිනා වස්තු එකතුව මෙම කෞතුකාගාරයේ පිහිටා ඇති අතර සොරකම් කර ඇති ප්‍රමාණය සම්බන්ධව තහවුරු කිරීම් තවමත් සිදුකරමින් පවතින බව බලධාරීහු පවසති.
මෙම ඓතිහාසික ස්වර්ණාභරණ කට්ටලයක කොටස් 37 බැගින් ඇති අතර සොරුන් විසින් ඒවා පළුදු කිරීමට උත්සාහ කරනු ඇතැයි කෞතුකාගාර නිලධාරීන් බිය පල කරයි.
මෙවැනි කට්ටල 10ක් කෞතුකාගාරයේ තිබී ඇති අතර එයින් තුනක් සොරාගෙන ඇතැයි කෞතුකාගාර ප්‍රධානී මේරියන් ඇකර්මන් පවසයි.
ඩ්‍රෙස්ඩන්හි තිබී පිළිස්සුණු මෝටර් රථයක් හමුවී ඇති අතර එය කොල්ලකරුවන් පලාගිය වාහනය වියහැකි බවට පොලිසිය සැක කරයි.
ලොව පැරණිතම කෞතුකාගාරයක් වන මෙය 1723දී ඉදිකරන ලද්දකි.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් චිත්‍රපටියක කතාව 2025 විතර ප්‍රදර්ශනය කරයි.
අපේ කවුරුහරි ඒ පැත්තේ ගියද කියලා හොයලා බලන්න. මොකද කටු ගෙවල් වලින් බඩු සොරකම් කිරීමට අපි හරි දක්ෂ නිසා.
දැන් අන්තර්ජාතික හොරකම් කරන්නේ.