
(ඉන්දිකා රාමනායක)
‘ද අයිලන්ඩ්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හා නියෝජ්‍ය ප්‍රවෘත්තී කර්තෘවරයකු වශයෙන් සේවය කළ සැකී ජබාර් (60) මහතා සිය නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටියදී ඊයේ (9) රාත්‍රියේ සිරුර සොයා ගෙන ඇත.
සැකී ජබාර් මහතා බත්තරමුල්ල පැලවත්ත, පීරිස් මාවතේ නිවසේ තනියම ජීවත්ව ඇති අතර දින 20 ක කාලයක සිට ඔහු සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් අනාවරණය වී නොමැත.
සිරුර සොයා ගන්නා අවස්ථාව වනතෙක්ම ඔහු නිවස තුළ මියගොස් ඇති බවට කිසිවකු දැනසිට නොමැති බව තලංගම පොලිසිය පවසයි.
සිරුර පරීක්ෂා කිරීමේදී මීට සතියකට පමණ පෙර ඔහු මිය යන්නට ඇති බවට සැකකරන බවත් නිවසේ සියලු දොර ජනෙල් වසා තැබීම හේතුවෙන් සිරුරේ දුගද පිටතට හමාගොස් නොමැති බවත් පොලිසිය පවසයි.
සැකී ජබාර් මහතා අවිවාහකයකු වන අතර ඔහු ඔහුගේ සොහොයුරාට අයත් මෙම නිවසේ ජබාර් මහතා තනිවම ජීවත් වී ඇති බවද පොලිසිය පවසයි.
ඊයේ රාත්‍රියේ සොහොයුරා ජබාර් මහතා පදිංචිව සිටි පැලවත්ත නිවසට පැමිණ සෝදිසි කර නිවසේ ජනේලයක් කඩා නිවසකට ඇතුළු වී ඇති බව පොලිසිය කියයි.
සැකී ජබාර් මහතා නිවසේ නාන කාමරය අසළ වැටී සිටින අයුරු නිවසට තුළට ඇතුළු සිටි සොහොයුරාට දැකගත හැකිව ඇති අතර ඔහුගේ සිරුරෙන් දුගද වහනය වෙමින් තිබී ඇත.
පසුව සොහොයුරා සිද්ධිය තලංගම පොලිසියට දැනුම් දුන් පසුව තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණි පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
තලංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ජෙප්පන්ට හා ටොයියන්ට එන්ජීඕ නඩේට තලුමරන්න මාතෘකාවක්...
ඔන්න අනිත් අය පිටින් යවන්න හොඳ ආරංචියක්...