IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති රවීගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි

 රත්ගම,  රත්නඋදාගම  ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් පුළුස්සා ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව දකුණු පළාත බාර  හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (19) පැය 7කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මූලස්ථානය කියයි.

 මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ ප්‍රථම අවස්ථාව මෙයවිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ පෙරවරු 9.30 ට එහි පෙනීසිටි අතර මෙම ප්‍රශ්නකිරීම පස්වරු 5.00 දක්වා පැවැත්විණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් තවදුරටත් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් ඉදිරි දිනවලදී ද ඒ මහතා  කැඳවන බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

රත්ගම,  රත්නඋදාගම පදිංචි මාළු හා කුකු`ථ මස් ව්‍යාපාරිකයන් වූ රසිත් චින්තක (31) හා මංජුල අසේල (30) යන දෙදෙනා ඉකුත්  ජනවාරි මස 23 වැනි දින  පැහැරගෙන ගොස්  ඝාතනය කර පුළුස්සා  වළදැමූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණ යටතේ තිබූ දකුණු පළාත් විශේෂ  විමර්ශන ඒකකයට චෝදනා එල්ල වී තිබුණි.

ව්‍යාපාරිකයන් දෙදෙනාගේ මළ සිරුරු වලස්මුල්ල ප්‍රදේශයේ රක්ෂිතයක වළදමා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර සොයාගෙන තිබුණි.

  එම සිද්ධිය සම්බන්ධයෙන් එම විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, වැඩබලන ස්ථානාධිපති ඇතුළු හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තවමත් රිමාන්ඞ් බාරයේ පසුවෙති.

සිද්ධියෙන් පසු දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය පොලිස්පතිවරයා විසින් විසුරුවා හැර තිබූ අතර දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් සිටි රවී විජේගුණවර්ධන මහතා  පොලිස් මූලස්ථානය වෙත මාරුකර යවා තිබූ අතර දැනට ඔහු උතුරු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියි.

  මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට අද (20) ගාල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර මහතා, අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව පොලිස් ආරංචි මාර්ග  පවසයි.

 



අදහස් (0)

ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති රවීගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 32 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site