විශ්‍රාම යාමට නියමිතව සිටි විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට අද (5) සිට ක්‍රියාත්මක වන පරිදි වසරක සේවා දිගුවක් ලබා දී තිබේ.
ලතීෆ් මහතාගේ ධූර කාලය දිර්ඝ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව ඒ සඳහා අද (5) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
2016 වසරේ අගෝස්තු 19 වැනි දා ලතීෆ් මහතා විශේෂ කාර්ය බළකායේ සේනාංකාධිපති ලෙස වැඩ බාර ගත්තේය. ලතීෆ් මහතා විශේෂ කාර්ය බළකායේ 11 වැනි ආඥාපතිවරයා වේ.
1979 ජනවාරි 15 වැනි දා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙසින් ඒ මහතා ශ්‍රී ලංකා පොලිසියට බැඳී තිබේ.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීරණයක්..
ඉතාමත් හොද තීරණයක්.
එකඟ නොවේ දෙවසරක්ම දෙන්න ඕනේ මෙතුමාට කරන සේවයට
රටේ යහපතට කවදත් අවංක, නිර්භීත, ශ්‍රේෂ්ට සේවාවක් ඉටුකරන මෙතුමාට අවශ්‍ය තරම් සේවා දිගු ලබාදීම රජයේ යුතුකමක්.
සුභ පැතුම්. රටට, දෙමව්පියන් ට ආඩම්බර ශ්‍රේෂ්ඨ මහත්මයෙක්
හැබැයි උසස්වීම් අපේක්ෂාවෙන් ඉන්න අය ගැනත් හිතන්න. ඒ අයටත් සාධාරණයක් ඉටුකරන්න. ලතිෆ්ගේ සේවා දිගුවත් රට ගැන හිතත්දී නරක නෑ
සුභ පැතුම් ඔබතුමාට. ලංකාපොලිසියේ බිහිවුණු ඉතා දක්ෂ අවංක නිලධාරියෙක් ඔබතුමා අපට ජාති බේද නෑ ඔබ සැබවින්ම සේවය වෙනුවෙන් කැප වුණු අති විශිෂ්ට පුද්ගලයෙක් බව ඉතිහාසය විසින් ලියා තබාවි. ඉදිරියටත් මේ අපරාධකාරයන් අල්ලා විනාස කරන්න ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා සුබ ගමනක්
හොඳ වැඩක්
ලතීෆ් මහතාට අපගේ ආචාරය.සේවා දිගුව ලබාදුන් කැබිනට් මණ්ඩලයට අපගේ ස්තුතිය.
පොලිස් සේවයේ ඉතා දක්ෂ හා දුෂිත බාවයෙන් තොර මෙවෙනි නිලදරියකුගේ සේවය වයස 60 ඉක්මවා දීර්ග කිරීම අගය කල යුතුවේ.
සුබ පැතුම් ඔබතුමාට .....! ඉදිරියටත් ඉතා විශිෂ්ට සේවයක් බලාපොරොත්තු වෙමු .
මෙතුමාට අවශ්‍ය බලය දුන්නොත් කුඩු ලංකාවෙන් තුරන් කරන්න යන්නේ මාස 3යි , ඊට ඇතැම් දේශපාලුවන් අකමැති එක තමයි ප්‍රස්නේ
අනේ බොහොම උතුම් ක්‍රියාවක් ගරු ජනපතිතුමනි, මත කුඩු ජාවාරම හා ස්ත්‍රී දුෂකයන්ට නිසි දඩුවම් ලබා දෙන්න මෙතුමා හොදින් ක්‍රියා කරවී.
මෙතුමා මියැදෙන තුරු සේවයේ රැඳිය යුතුයි...!!!