(දසුන් රාජපක්ෂ)
ජමෙයිතුල් උලමා සංවිධානය නීතිමය රාමුවක් යටතේ ලියාපදිංචි නොකළ සංවිධානයක් බව හිටපු අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි ලබා දෙමින් අද (28) ප්‍රකාශ කළේය.
1927 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව තුළ තුළ ක්‍රියාත්මක වන මෙම සංවිධානය මුස්ලිම් ජනතාවගේ ආගමික කටයුතු පිළිබඳව උපදෙස් ලබාදෙන උසස්තම මණ්ඩලය ලෙස සැලකෙන බව ද විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිෂන් සභා වෙත දැනුම් දුන්නේය.
එම සංවිධානය හරහා මුස්ලිම් අන්තවාදය ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බලා අවශ්‍ය පියවර ගැනීම ආරක්ෂක අංශවල වගකීම බවද විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (28) රැස්විය.
COMMENTS
ලංකාවේ විතරක් ලේබ්බෙලායි උලමලායි හිතෙන හිතෙන විදියට උලමා සංවිධාන පටන් ගන්නවා කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව... මේවා ඒ අය සව්දියේ කරන්න ගියා නම් නඩුත් නැතුවම හිස දන්දෙන්නයි වෙන්නේ...
අවුරුදු ගාණක් හැම අාණ්ඩුවක්ම, පක්‍ෂයක්ම සමඟ ගණුදෙනු කරපු උලමා සභාව ලියාපදිංචි නොකල සංවිධානයක් නම් අනෙක් ඒවා ගැන කවර කතාද?
දැනට ජමෙයිතුල් උලමා සංවිධානය කරන කාර්යභාරයන් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තුමේන්තුව හරහා කළයුතුයි. මුස්ලිම් ආගමික දෙපාර්තමේන්තුව රජයේ ආයතනයක්. මමත් පුද්ගලිකව සෑහීමට පත්වන්න නැහැ ඔවුන්ගේ කටයුතු පිළිබඳව... මෙච්චර දියුණු තාක්ෂණ අද තියෙද්දීත්, අඩු තරමින් නොතිබූ උපවාසය පටන්ගන්න දවස සහ නොතිබූ අවුරුද්ද හරියට දැනුම් දෙන්න බැරි, අසමත් ආයතනයක්...
විජයදාස රාජපක්ෂ මහත්තයා බෞද්ධ අන්තවාදය ගැන කියාපු ටික ඇහිලා නැතුවා වගේ...!
ලියාපදිංචි වී ඇත.
දැන් ජමෙයිතුල් උලමා සංවිධානය ඉන්නේ වහබ්වාද 95% සම්ප්‍රදායික මුස්ලිම් 5% යි.
බොරුවක්නේ කියන්නේ... ඔය සංවිධනය ලියාපදිංචි කරලයි තියෙන්නේ.
මේ අය කිසිම ප්‍රතිපත්තියක් නැති එහාට මෙහාට පැන පැන ගිරව් වගේ දොඩවන අය. හඳුන්නෙත්ති වගේ කෙලින් වැඩ කරන අය අපේ දේශයේ වාසනාවට ඉපදුණු අය... කෝප් කමිටුවේ බුද්ධිමත්ම මිනිසා ඔහුයි. මහජන ඡන්දයෙන් මෙවැනි පුද්ගලයන් රාශියක් පාර්ලිමේන්තුවට යවන්න. නැතිනම් අභයාරමේම පිහිටයි.
ඉතින් පටන් ගනී... අලුතින් මැතිවරණය ළඟයිනේ... යාලුවනේ රැවටෙන්න එපා.. ආයේ සමගියෙන් ජීවත්වුණු සමාජයක් අපි...
කට කහනවට කියන කතා ...
මෙරටට උලමලා මොකටද? ඔවුන් මෙරටට පිළිලයක්...
මෙම අදහස කියන්නේ පට්ට ජාතිවාදියෙක්... ඡන්දේ කාලෙට කියන්න පටන් ගත්තා....
2000 වසරේ පාර්ලිමේන්තු පනතක් මගින් මෙම සංවිධානය ලියාපදිංචි කර ඇත. සොයාබලන්න...
මෙතුමා නියම මාධ්‍ය සංදර්ශන පවත්වන කෙනෙක්, එක්කෝ බොදුබල සේනා නැත්නම් තවත් එකක් ගැන කියයි, කියව කියවා ඉන්නේ නැතුව මෙවන් ප්‍රශ්නවලට පිළියමක් යොදන්න බලන්න. එක්කෝ ලියපදිංචි කරන්න උපදෙස් දෙන්න. නෙත්නම් අහෝසි කරලා දාන්න. බොරදියේ මාලුබාන්න එපා.
ලංකාවේ ලියාපදිංචි නොකරපු සංවිධානයක්ද මේ...? ලංකාවේ මුස්ලිම් ගැහැණුන්ට නීති පනවලා තියෙන්නේ..
මෙරට මුස්ලිම් ජනගහනය අතිවිශාලයි. එය සීඝ්‍රයෙන් ඉහළ යනවා. මේ රටේ නිදහස වෙනුවෙන් පවා මුස්ලිම්වරුන් ඇප කැප වී ක්‍රියාකරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මුස්ලිම්වරුන්ටද සිංහල බෞද්ධයන් මෙන් නීතිවිරෝධී නොවන අකාරයට සමිති සමාගම් පටන්ගන්න කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ. මේ රට ඔප්පුවකින් ලියලා දුන්නු කාගේවත් පුද්ගලික ඉඩමක් නොවේ. මේක අපෙත් රට. කොළඹ ප්‍රධාන ව්‍යාපාර කරන්නේ අපි... කාත්තන්කුඩි ඇවිල්ලා බලන්න අපේ දියුණුව.
ධම්මික, විජය රජු එන්න ඉස්සර මේකේ අයිතිය කාටද තිබ්බේ ? ඔයා සදහන් කරන ඔප්පුව කවදද ලිව්වේ ?
ඊයේ කතා කරපු එක වැරදියි කියලා මේ ඇමැතිතුමා අද සදහන් කරනවා. මේ අය කියන බොරු අහලා ජනතාව රැවටෙනවා.