



ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ ඒකාබද්ධ වැඩසටහනට සහභාගීවීම සඳහා අද (20) කොළඹ වරායට සේන්දු විය.
එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යයාලයේ සහකාර ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් රවි මිෂ්රා මහතා ද සහභාගී විය.
ඒ අනුව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටින කාලය තුළ ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව කොළඹ සිට ගාල්ල දක්වා වූ මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ කටයුතු ආරම්භ කිරීමට අපේක්‍ෂා කර ඇත.
‘ජමුනා’ නෞකාව දිගින් මීටර් 85.774 කින් සහ පළල මිටර් 12.82 කින් යුක්ත වන අතර, නිලධාරින් සහ නාවිකයින් 230 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවක් එහි රාජකාරී කරනු ලබයි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd