IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ජපුරේ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ අද පස්වරුවේ

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ’ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාලයීය ශ්‍රී සුමංගල ශාලාවේදී අද (2) පස්වරු 3.30ට පැවැත්වේ.

ඉකුත් වසරේ දී (2019) ප්‍රකාශයට පත් කෙරුණු කෘති අතුරින් විශිෂ්ටතම කෘති සඳහා මෙහිදි සම්මාන පිරිනැමේ. වසරේ ප්‍රශස්ත නවකතාවල වසරේ ප්‍රශස්ත කෙටි කතා සංග්‍රහය, වසරේ ප්‍රශස්ත පද්‍ය සංග්‍රහය සහ වසරේ ප්‍රශස්ත තීරු ලිපි සංග්‍රහය යන අංශවලට මෙහිදි සම්මාන පිරිනැමීමට නියමිතය.

ශමෙල් ජයකොඩිගේ ‘කුමර කොබෙයි’” අරුණ ප්‍රේමරත්නගේ  ‘දවස් තුනක කතාවක්’, කෞෂල්‍ය කුමාරසිංහගේ ‘නිම්නාගේ ඉතිහාසය’, එරික් ඉලයප්ආරච්චිගේ ’පේත’ සහ ලියනගේ අමරකීර්තිගේ ’රතු ඉරි අඳින අත’ යන කෘති වසරේ ප්‍රශස්ත නවකතාව සඳහා වන සම්මානයට නිර්දේශ වී තිබේ.

එම අංශයේ පළමු වටයේ විනිශ්චය මණ්ඩලය ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුජීව හෙට්ටිආරච්චි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුජීවා සෙබෙස්තියන් පෙරෙයිරා සහ සහකාර කථිකාචාර්ය භාග්‍යා දිල්හානි මාඹුලගේ යන අය කටයුතු කළහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජයලතා මැදවත්ත මහත්මිය එහි අවසන් වටය විනිශ්චය කළාය.

කපිල එම්. ගමගේ විසින් රචිත ‘අපරාදෙ ඒ නොවැම්බර්’, අනුරසිරි හෙට්ටිගේ විසින් රචිතිමැරීන් ඩ්රයිව්’, අසංක සායක්කාරගේ ‘වසරේ හොඳම කෙටිකතාව’, එරික් ඉලයප්ආරච්චිගේ ‘විශ්‍රාමික පෙම්වතිය’ සහ සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ ‘සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්’ යන නිර්මාණ වසරේ ප්‍රශස්ත කෙටිකතා සංග්‍රහය සඳහා වන සම්මානයට නිර්දේශ වී තිබේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චිත්‍රා ජයතිලක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කංචනකේශි වර්ණපාල සහ සහකාර කථිකාචාර්ය සඳුනිකා රත්නායක වසරේ ප්‍රශස්ත කෙටිකතා සංග්‍රහය සම්මානයේ පළමු වටයේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළ අතර මානව විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා අවසන් විනිශ්චය සිදු කළේය.

වසරේ ප්‍රශස්ත පද්‍ය සංග්‍රහය සඳහා වන සම්මානයට කුමාර හෙට්ටිආරච්චිගේ ‘ක්වොන්ටම් භෞතික සංඛාරා’, නඳුන් යසිත දසනායකගේ ‘මගේ ආලයෙ ග්‍රැමෆෝන්’, අජිත් තිලකසේනගේ ‘මොන තරම් අවුලක් ද’, මංජුල වෙඩිවර්ධනගේ ‘සන්තාන ගීතිකා’ සහ අනුරාධා නිල්මිණිගේ ‘රිදුම් පිරි පිරිමැදුම්’ කෘති නිර්දේශ වී තිබිණි.

අමිල ලොකුමාන්න, කනිෂ්ක විජයරත්න යන සහකාර කථිකාචාර්යවරු එම සම්මානය සඳහා වන පළමු වටයේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළහ. සිංහල හා ජනසන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ එහි අවසන් විනිශ්චය කටයුතු කළාය.

ටිම්රාන් කීර්තීගේ ‘එඬරු යායේ සිට ලියමි’, අනුරසිරි හෙට්ටිගේ ‘කොළඹ කතා උසාවිය සාවිය’, යසවර්ධන රිද්‍රිගුගේ ‘යසයාගේ වාක්කිය’, සීතා රංජනිගේ ‘විමර්ශී’ සහ ගුණසේකර ගුණසෝමගේ ‘හීන් වට්ටවිදානේගේ කතා’ යන කෘති වසරේ ප්‍රශස්ත තීරු ලිපි සංග්‍රහය සඳහා නිර්දේශ වී තිබිණි.

එම සම්මානයේ පළමු වටයේ විනිශ්චය කථිකාචාර්ය චරිතා මාකස් විසින් සිදු කෙරුණු අතර සිංහල හා ජනසන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සේනානි හරිශ්චන්ද්‍ර එහි අවසන් විනිශ්චය සිදු කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශය මෙම උලෙළ සංවිධානය කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ, මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද යන මහත්වරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය, විද්‍යාර්ථීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වෙති.



අදහස් (0)

ජපුරේ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ අද පස්වරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 112 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site