පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසු මෙරට තත්ත්වය විමසා බැලීම සඳහා ජපාන සංචාරක නියෝජිතයන් සහ සංචාර මෙහෙයවන්නන් 25 දෙනෙක් දිවයිනට පැමිණ සිටිති.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
දින පහක් සඳහා ජපාන නියෝජිතයන් මෙරටට පැමිණ සිටින අතර ඔවුන් මෙම සංචාරයේදී ක්ෂේත්‍ර චාරිකාවල නිරත වන අතර ඒ අතරවාරයේදී සංචාරක කර්මාන්තයේ විශේෂඥයන් මුණ ගැසීමට ද නියමිතය.
පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ පියවර ගත් අතර රටේ තිබෙන සාමකාමී තත්ත්වය පිළිබඳ අත්දැකීමක් ලබාගැනීමටත් ජපාන සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම දිරිගැන්වීමත් මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.
මෙම සංචාරක වැඩසටහනට සහභාගී වීම සඳහා ජපාන නියෝජිතයන් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් ගුවන් ටිකට්පත් මිලදී ගැනීම විශේෂයක් යැයි ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. ශ්‍රී ලංකාව ජපාන සංචාරකයන් අතර සංචාරක නවාතැනක් බවට පත් කිරීමට ඔවුන්ගේ උනන්දුව එයින් පෙනී යන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
055



2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජපාන සංචාරක නියෝජිතයන් පිරිසක් දිවයිනට
Bamunuarachchi Monday, 02 December 2019 04:50 PM
අර ඊනියා ආර්ථික විශේෂඥ සූත්තර පුංචලා රට හැදුවද? ඔවුන් කලේ රට කාපු එකයි..! යුද්ධෙන් පස්සේ හැදීගෙන ආපු සංචාරක කර්මාන්තයට බෝම්බ ගහලා කාලා දැම්මා... දැන් ඒවාත් හරිගස්සන්න අපේ ආණ්ඩුවක්ම එන්න ඕනෑ..!