
(යොහාන් භාසුර)
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් බහුකාර්ය ඩිස්ට්‍රෝයර් යුද නෞකා තුනක් අද (2) නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යුද නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැන්නා ලදී.
ජපන් ඩිස්ට්‍රෝයර් නෞකා වන ‘කාගා’, මුරසමී සහ ෆුයුසුකී යන නෞකා මෙලෙස කොළඹ වරායට සේන්දු වූ අතර ‘ෆුයුසුකී’ යුද නෞකාව දිගින් මීටර 151 සහ නැවියන් 220 කගෙන් සමන්විත වන අතර මෙම නෞකාව සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව හෙට (3) පිටත්ව යාමට නියමිතවය.
‘කාගා’ යුද නෞකාව දිගින් මීටර 248 ක් සහ නැවියන් 210 කගෙන් සමන්විත වන අතර ‘මුරසමී’ යුද නෞකාව දිගින් මීටර 151 ක් සහ නැවියන් 200 කගෙන් සමන්විත වේ.
ඕස්ටේ්‍රලියාවේ සිට කොළඹ වරායට සේන්දු වූ එම නෞකා දෙක සංචාරය තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවැත්වෙන ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව අනිද්දා (4) පිටත්ව යාමට නියමිතය.





COMMENTS
එහෙම කොහොමද කියල, හෙට අනිද්දම චීන නැව් බුරුතු පිටින් ඒවි
දැන් ජෙප්පෝ බෙරිහන්දේවි කොළඹ වරාය මහා රෑ ජපානෙට විකුණලා කියලා.
වරායෙන් ලංකාවට දැන් ඉතුරුවෙලා තියෙන ටික ජපානෙට විකුණුවාවත්ද?
එකවර තුනක් ආවා කියන්නෙ .... යටත් කරගන්න තමා අපිව
ඇයි තුනක්ම එකපාර ආවේ.
චීනෙන් නොවෙයි තූත්තුකුඩියෙන් හරි කමක් නැහැ වරායට නැව් එනවානම්. ඒක රටට ආදායමක්. ඕක නොතේරෙන මැට්ටෝ ඉන්නවානේ.