IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජපානයේ ශ්‍රි ලාංකිකයන්ගෙන් රෝහල් 14 කට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

(තිළිණි ද සිල්වා)

ජපානයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන් ලබා දුන්  ඇමෙරිකා ඩොලර් 225,000 ක් වටිනා කෝවිඩ් ආශ්‍රිත හදිසි වෛද්‍ය උපකරණ තොගයක් රජයේ කළුබෝවිල , බලපිටිය , ‌තෙල්දෙණිය යන රෝහල්  ඇතුළ රජයේ රෝහල්  14 කට පරිත්‍යාග කළ බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන වෙන්ටිලේටර්, ඔක්සිජන් නියාමක යන්ත්‍ර , මල්ටි පැරා මොනිටර්, සිරින්ජ පොම්ප,  එච්.එෆ්.එන්.ඔ යන්ත්‍ර   යන්ත්‍ර, බී.එම්.සී යන්ත්‍ර, ආදී අත්‍යවශ්‍ය උපකරණ අටක්  සදහා එම රෝහල් වල පවතින අවශ්‍යතාවයන් පිළිබද පිළිබඳ තොරතුරු ලබා ගැනීමෙන් පසු අවශ්‍ය උපකරණ  ලබා දුන් බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

මෙම පරිත්‍යාගශීලීන් තමන් කැමති වෛද්‍ය උපකරණ අවසර ලත් ශ්‍රී ලාංකික සැපයුම්කරුවන්ගෙන් සෘජුවම තෝරා ගෙන්, ඒවා  ඔවුන් කැමති රෝහලකට  පරිත්‍යාග කිරීමට තානාපති කාර්යාලය  ඉඩ සලසා දුන්නේය.

එරට ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා විසින් හඳුන්වා දුන් මෙම විශේෂ වැඩසටහන යටතේ ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය, ජපානයේ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමය, කන්සායි ජපන් ශ්‍රී ලංකා ජාතික සංවිධානය සහ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමය යන ජපානයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා සංගම් හතර , මෙම වෛද්‍ය උපකරණ තොගය පරිත්‍යාග කළහ.

නව කොරෝනා ප්‍රභේද වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ රෝහල්ගතව සිටින රෝගීන්ට ක්ෂණික ප්‍රතිකාර ලබා දීම සඳහා වෛද්‍ය උපකරණ ප්‍රමාණවත් නොවීම නිසා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපතිවරයා තම නිල නිවසේ දී ඒරට සිටින ලාංකික ව්‍යාපාරික ප්‍රජාව හමු වීමෙන් පසු  සති 3 ත් ඇතුළත අදාළ වෛද්‍ය උපකරණ ලබා දීම හැකිවූ බවද ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

 



අදහස් (0)

ජපානයේ ශ්‍රි ලාංකිකයන්ගෙන් රෝහල් 14 කට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site