IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජපානය විදේශ ශ්‍රමිකයන් බලාපොරොත්තුවෙයි

ජපානයේ පවතින කම්කරු හිඟය නිසා ලක්ෂ සංඛ්‍යාත විදේශ ශ්‍රමිකයින්ට ජපානයට පැමිණිමට අවස්ථාව ලැබෙන නව මතභේදාත්මක නීතියක් ජපාන පාර්ලිමේන්තුව අනුමත කර ඇත. 
 
ඒ අනුව ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සහ හෙද සේවයේ නිරතවීමට විදේශීයකන්ට අවසර ලබා දී ඇත. 
 
 නව නීතිය මගින්  වීසා බලපත්‍ර කාණ්ඩ දෙකක් යටතේ නිකුත් කෙරෙයි.
 
පළමු කාණ්ඩය යටතේ  යම්  මට්ටමක නිපුණතාවක් සහ ජපන් භාෂාව පිළිබඳ යම් ප්‍රවීණතාවක් සහිත ශ්‍රමිකයින්ට වසර 5 ක කාලයක් එරට රැඳී සිටීමට අවස්ථාව  ලබාදෙනු ඇත.
 
දෙනව කාණ්ඩය යටතේ  ඉහළ මට්ටමක නිපුණතාවක් සහිත ශ්‍රමිකයින් වීසා ලැබීමට සුදුසුකම් ලබන අතර පසුව ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට ද ඔවුන්ට අවස්ථාව ලබා දීමය නියමිතය.
 
මෙසේ විදෙස් ශ්‍රමිකයන්ගේ පැමිණීම වැටුප් පහත වැටීමට සහ සංක්‍රමණික කම්කරුවන් සූරා කෑමට ලක්වීමට හේතු විය හැකි බව පාර්ලිමේන්තුවේ අනුමත කර නව නීතිය සම්බන්ධයෙන් විවේචන පළ කරමින් විරුද්ධ පක්ෂය පැවසුවේය.   
 
සාම්ප්‍රදායිකව ජපානය ආගමන කටයුතු සම්බන්ධයෙන් වඩාත් සුපරික්ෂාකාරී ලෙස කටයුතු කරයි. ජපානයේ වයස්ගත ජනගහනය හේතුවෙන් විශාල විදෙස් ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව පවතින බව ජපන් රජය පවසයි.
 
මෙම නව සැලසුම යටතේ විදෙස් ශ්‍රමිකයන් 300,000 වඩා විවිධ අංශවල රැකියාවල නිරත වෙති.
 
(63226)    
 



අදහස් (2)

ජපානය විදේශ ශ්‍රමිකයන් බලාපොරොත්තුවෙයි

ROSHAN Monday, 10 December 2018 02:59 AM

කෝ මේ විදේශ නියුක්ති කාර්යංශය අරාබියට සෙනග යවන එක නවත්වල ජපානයෙන් කොට එකක් ලබාගන්න .ජපානය අපිට උදව් කරාවි. ජපන් භාෂාව ඉක්මනටම පුහුණු කිරීමේ ක්‍රමයක් සකස්කරනන . අපිට අත්වෙන වාසි ගොඩක් තියෙනවා

:       0       120

NuwanMonday, 10 December 2018 07:40 AM

ඔය කියන කට්ටිය මිනිස්සුන්ව ජපන් යවන්න ගත්තොත් අරාබි යවන ඒජන්සි කාරයින්ගෙන් ගානක් ගන්නේ කොහොමද?

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site