ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස නරුහිතෝ කුමරු අභිෂේක ලබා ඇත.
ටෝකියෝ නගරයේදී අද(22) එහි නිල උත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
නරුහිතෝ කුමරුගේ පියා වන අකිහිතෝ අධිරාජ්‍යයා පසුගිය මැයි මාසයේදී තම තනතුර හැරයමින් නිල වශයෙන් පුතුට රාජකාරි බාරදුන්නේය.
ටෝකියෝහි පිහිටි රාජකීය මන්දිරය තුළ පවත්වනු ලැබූ පූජාවිධි මාලාවකින් පසුව කිරුළු පැළඳවීමේ උත්සවය පැවැත්විණි.
විශේෂ අවස්ථාවලදී රජවරුන් විසින් අඳිනු ලබන කහ තැඹිලි පැහැති ලෝගුවකින් සැරසී සිටි 59 හැවිරිදි නරුහිතෝ කුමරු සාම්ප්‍රදායික දිවුරුම් ප්‍රකාශය කියැවූ බව සඳහන් වේ.
උත්සවයට බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරු ඇතුළු විවිධ රටවල රාජ්‍යතාන්ත්‍රිකවරුද සහභාගී වූහ.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජා භවතු ධම්මිකෝ.
අපේ ගොටභය රාජපක්ස අධිරාජයා දිව්රුම් දීම නොවෙම්බර් 16 දා සිදු කරන බව මෙයින් දෙනුම් දෙමු
සරලද කියලා? ඒකට අපේ ජනාධිපති වරු අවුරුදු 5ටත් තෝරන් ගහලා දිවුරුම් දෙන්නේ