ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘ඩීඩී-151 අසගිරි’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (4) කොළඹ වරායට සේන්දු විය.
එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු සංජිව ඩයස් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.
නෞකාව වරායට පැමිණිමෙන් පසුව නෞකාවේ අණදෙන නිලධාරී වන කොමාන්ඩර් යෝසිනෝරි සාටෝ නිලධාරිතුමා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අට්සුහිරෝ මොරොරෙ ද සහභාගි විය.
දිගින් මීටර් 137 ක් වන ‘ඩීඩී-151 අසගිරි’ නෞකාව ටොන් 3550 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 150 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතය.
ඒ අනුව සංචාරය නිමා කිරීමෙන් පසුව එළඹෙන අප්‍රේල් 6 වැනි දා එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජපානයේ ‘ඩීඩී-151 අසගිරි’ නෞකාව කොළඹ වරායට
chandima Thursday, 04 April 2019 02:08 PM
ඔය සුහද සංචාරවලට ආවම වරායට නැංගුරම් ගාස්තු ගෙවන්නේ නැතිද? මේ දන්නේ නැති නිසයි අහන්නේ. එහෙම අතින් කාලා හරක් බලන වැඩක් නම්, අන්තිමේ මේ වැඩ වලටත් ගෙවන්න වෙන්නේ අපටමයි.
de silva Friday, 05 April 2019 05:43 AM
අපිත් ඔය රටින් එන නැව්වලට බෙර ගගහ ඉමු. යුද්ධය කාලේ අපේ උදව්වට ඔය මොකෙක්වත් අාවේ නැත...
weerawansa Friday, 05 April 2019 11:00 AM
මේවා ඇහෙනකොට මට නම් නින්ද යන්නෙත් නැහැ අප්පා.