අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවය අද (27) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,කතානායක කරූ ජයසූරිය,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,හිටපු ජනාධිපතනී චන්ද්‍රිකා කුමාරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ගොඩාක් කාලයක් කරමින් වැජඹෙන්නට අපේ ශුභ පැතුම්!
ඉතින් මිනිස්සු වයසට යනවා නේන්නම්. ඒකට ඉතින් උපන්දින උත්සව පවත්වනවා මිසක් වෙන මොකුත් කරන්නේ නැහැනේ. මිනිස්සු වයස්ගත වූ වර්ෂ ගණනද, රටට සේවයක් කල වර්ෂ ගණනද, සැමරිය යුත්තේ කියල හිතුන හින්දයි මං එහෙම කිව්වේ.
මේ කාලය ඇතුලත රටට ගමට කරනලද මතක හිටින යම්දෙයක් වේ නම් දන්නා කෙනෙක් ඒ ගැන අදහසක් දමනවාද?
වසර ගනනින්නම් ඉහලයි..ඒත් රටට කරපු වැඩ කොටසින් කොපමණ ඉහලයිද?
ඔය ගොල්ල ඔක්කොම ඔය ගොල්ලටම සුභ පතා ගන්නවා.
ඔය කියන්නේ, මෙයා රට කන්න පටන් අරන් අවුරුදු 40 කියන එකනේ. තවත් කාලා මදිද...?
රටේ අවාසනාව තමා මේ වගේ අය 40 අවරුදු දේසපාලනයේ ඉන්නේ.
මොනවා වුනත් හොරු ටික එකට ඉන්නවා
මේකේ ඉන්න ඔක්කොම කරූ ජයසූරිය හැර එපාම කරපු රොත්තක්. විශ්‍රාම යායුතු අය. ආසියාවේ දේශපාලන ආශ්චෛර්ය.
ජේ වී පී සහෝදරයින්ට ආරාධනා කලේ නැද්ද? නොකලා නම් එක කැතයි. ඒ ගොල්ලෝ තමයි ඔහෙලව රැක ගත්තේ මහින්ද මහතා නොවෙයි. ඒ ගොල්ලෝ නොහිටින්න් ඔහෙලට 40 සමරන්න වෙන්නේ පරාජිතයෝ හැටියට
වසර හතලිහට කරපු දේකුත් කියමු බලන්න
ගත්ත පඩියට කරපු සේවය විස්තර කරන්න
4 වෙනි රුපය දැක්කමනම් කරපු තව වැඩක් මටක් උනා .ඒවා ඉතින් මෙතන කියන්න බැ.
කවුද මේ උත්සවයට මුදල් ගෙව්වේ . මහජනතාවගේ මුදලින් මෙවැනි දේවල් නොකළ යුතුයි
මෙයාලා තවම ගල් යුගයේ ඉන්නේ... මේකේ මොනවද සමරන්න තියෙන්නේ?
ඡන්දෙ දීපු ගොන්නුන්න්ට ගහන්න ඕනේ............
මේ රටේ බුද්ධිමත් ජනතාව තව 40ක් දේශපාලනයේ ඉන්න අපි ඡන්දේ දෙනවා. කිසිදේකට බයවෙන්න එපා. මෙතන අදහස් දාන අයට තේරෙන්නේ නැද්ද මන්දා... ඡන්ද දායකයන්ට හොඳ නිසානේ එවන්නේ... ඒ ජනතාවට ඔය පාර්ටිය දෙන්න තිබුණේ...
හොර නඩයක්. ලංකාවේ ජනතාවගේ ලේ උරා බොන කිනිතුල්ලන්...
අවුරුදු 40-50 කට ඉස්සර ඉතා අඩු විදේශ ණය ඇති රටක් ලෙස තිබුන මෙරටට ඔබලා වැනි දේශපාලකයන් රොත්ත එකතු වෙලා කල විනාශය පෙනෙනවා අපේ දැනට තිබෙන විදේශ ණය කන්දරාව දිහා බැලුවම, අපට නම් සමරන්න නොවේ අඬන්න වෙලයි තිබෙන්නේ.., ඔබලා ෂැම්පේන් උතුරවලා උත්සව සමරනකොට, සාමාන්‍ය මිනිස්සුන්ට නත්තලට, අලුත් අවුරුද්දට කාලක් ගන්න බැරුව කසිප්පු ගහනවා.
අනේ ඉතින් ඔබතුමා තව බොහෝ කලක් සිටි වා!
ලංකාවේ දේශපාලන පරිනත භාවය මනින්නේ රටේ සුගතියට කොතරම් වැඩක් කරාද කියන එකට වඩා, දේශපාලනයේ කොතරම් කල් පල් වුනාද කියන එකෙන්.
අවුරුදු හතළිහක් කියන්නේ සැහෙන කාලයක්.
අවුරුදු 40 රට කෑවා ඇති. දැන්වත් ගෙදෙර යන්න.
අවුරුදු 40 පඩියට ඉදල රටට කිසිම වැඩක් නොකර අන්තිමේදී බදු මුදලින් මේවගේ සාද පවත්වන්නේ ? අපේ බදු මුදල් නාස්තිය වලක්වන්න රජයට බල කරන්න ඕනේ
අම්මේ බලන්නකෝ තියෙන උජාරු පෙනුම... නිකම් සිංහයෙක් නෙමෙයි හරියට ව්‍යාග්‍රයෙක් වගේ නෙව...
මෙතුමාට මෙච්චර වයස වුණාට තියෙන්නේ තරුණ ජවය. තව වැඩ කරන්න පුළුවන්.