IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජොන්ස්ටන්ගේ නඩුවේ සාක්කි විභාගය කල්යයි

(නිමන්ති රණසිංහ)

           

වත්කම් බැරකම් ප‍්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් නොකර සිටීමෙන් වරදක් සිදුකර ඇතැයි අල්ලස් චෝදනා ලැබ සිටින හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට එරෙහි අල්ලස් නඩුවේ සාක්කි විභාගය ලබන දෙසැම්බර් 4 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (13) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී චුදිත වූ හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ෂේවියර් ප‍්‍රනාන්දු මහතා ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම අල්ලස් නඩුවට අදාළව අල්ලස් කොමිසම මගින් චුදිතට එරෙහිව නඩු පවරනු ලැබුවේ ඉකුත් 2017 වර්ෂයේ නොවැම්බර් මස 27 වැනිදාය. ඒ අනුව ඉකුත් 2017 වර්ෂයේ දෙසැම්බර් මස 15 වැනිදා අධිකරණයෙන් නිකුත් කළ නොතිසියකට අනුව හිටපු අමාත්‍යවරයා අධිකරණයේ පෙනී සිටි අතර, එහිදී රුපියල් 50,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කරනු ලැබීය.

1975 අංක 1 වගන්තිය ප‍්‍රකාරව වත්කම් බැරකම් ප‍්‍රකාශ පනතට 2014 වර්ෂයට අදාළව සිය වත්කම් බැරකම් පිළිබද වාර්ෂික ප‍්‍රකශය සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමෙන් එම ප‍්‍රකාශයේ 9 (1) වගන්තිය උල්ලංඝණය කර ඇතැයි අල්ලස් කොමිසම චූදිතට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර ඇත.



අදහස් (0)

ජොන්ස්ටන්ගේ නඩුවේ සාක්කි විභාගය කල්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 479 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site