IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ජිනීවා යන්න අලුත් කණ්ඩායමක්

 
(තිළිණි ද සිල්වා)

 
මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද  සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තාව සළකා බැලීමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපාන මහතාගේ නායකත්වයෙන් යුතු දූත පිරිසක් ශ්‍රී ලංකා රජය නියෝජනය සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා සහ   ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර පෙරේදා (12) පවත්වනු ලැබූ සාකච්ඡාවලින් පසුව , ජිනීවා නුවර පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා කොළඹින් සහභාගී වන රජයේ නියෝජිත පිරිසෙහි සංයුතිය තීරණය වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය  ගරු තිලක් මාරපන මහතාගේ නායකත්වයෙන් යුත් එම දූත පිරිසට  පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය සරත් අමුණුගම ,උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් ,විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ. නෙරින් පුල්ලේ යන මහත්වරුන් ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතය.

ජිනීවා නුවර එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ. අසීස් මහතා, නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සමන්තා ජයසූරිය මහත්මිය සහ ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ සෙසු අදාළ නිලධාරීහුද ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් වන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

මෙම දූත පිරිස 20 වැනිදා මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරිපත් කෙරෙන අතර අතර ඊට පසුදින (21) ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රහකත්වය දක්වා ඇති  ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා සම්මතය සළකා බැලීමේ අවස්ථාවට සහභාගී වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.



අදහස් (5)

ජිනීවා යන්න අලුත් කණ්ඩායමක්

රොෂාන් Wednesday, 13 March 2019 11:23 AM

පසුගිය සතියේ දිනෙක ඉතාලියේ හා ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් රැලක් ජිනීවා මානව හිමිකම් කාර්යාලය අසලට ගොස් මහා හයියෙන් සද්දයක් දමා වැස්සට තෙමී ගෙන නැවත ගෙදර පැමිණි බව ආරංචියි. රණවිරු දඩයම නවත්වන්න කියලලු සද්දේ දැම්මේ, එවිට කාර්යාලයෙන් පිටතට පැමිණි සුදු මහතෙක් එක දේශප්‍රේමියෙකුගේ කනට කොඳුරා " නුඹලාගේ රටේ පාලකයින් තරම් අප රණවිරුවන්ට අසාධාරණයක් කර නොමැති බවත්, යුද්ධය නිමාවී, වසර දහයක් ගත වුවත් මේ වනතෙක් කිසිදු රණවිරුවෙකුට දඬුවමක් හෝ කිසිදු අසාධාරණයක් සිදු නොකළ බවත්, රණවුරුවන්ව විකුණාගෙන දේශපාලනයේ යෙදෙන්නේ, නුඹලාගේම තක්කඩි දේශපාලකයින් බවත්, මෙවැනි දියුණු රටවල් වල ජීවත් උනත්, තවමත් මොලේ මුහුකුරා නොමැතිව, තක්කඩි පාලකයින් වෙනුවෙන් කඩේ යන නුඹලා ඔවුන්ටත් වඩා මෝඩ ගොන් රැලක් නිසා ප්‍රවේශමෙන් නිවෙස් වලට යන ලෙස" අවවාද කලාලු.

:       468       550

chathuri Wednesday, 13 March 2019 11:28 AM

මහින්දගේ නඩේට... යන්න පුළුවන්නේ, සත්‍ය සිද්දීන්. දන්නේ මොවුන් පමණයි. ගොඨාගේ අණට සියලුම දේවල් සිද්ද වුනේ.... මහින්ද හිටියේ සිහින ලෝකේ...

:       300       265

BamunuarachchiFriday, 15 March 2019 08:58 AM

කොහොම හරි වැඩේ කෙරුවනේ. මහින්දගේ නඩේ නැතුව රනිල්ගේ නඩේ හිටියා නම් අද උතුර නැගෙනහිර පාලනය කරන්නේ ප්‍රභාකරන්. මේ ගොයියන්ට කැක්කුම තිබෙන්නේ රට ගැන නොවෙයි. එලොවටත් මෙලොවටත් වැඩක් නැති රනිල් ගැන. රනිල්ගේ කෙරුවාව නිසා තමයි අපිට බුරුතු පිටින් ජිනීවා යන්න වුනේ... එවුන් දෙමළුන් වෙනුවෙන් සිංහලයාගේ ජාතියයි, රටයි දෙකම පාවලා දුන්නා. තවත් කතාව රනිල් ගැන...

:       0       0

chandima Wednesday, 13 March 2019 12:09 PM

උපාය මාර්ග අයත් යනවද?

:       0       0

Chandima Wednesday, 13 March 2019 12:12 PM

මේවා මේ එක එක්කෙනා දාන අදහස් වලින් විතරක් තීන්දු තීරණ වලට එන්න බැහැ. මොකද යුද්ද කාලෙත් සමහරු ඔය එක එක දේවල් කටට එන පලියට කිව්වනේ. හරියටම ජිනීවා වල වෙන්නේ මොකක්ද කියල ස්වාධීනව රටේ මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් විධියට හෙළිවන ක්‍රමවේදයන් නැහැ. ආණ්ඩුවේ දේශපාලයෝ ජිනීවාවල සියල්ල වෙන්නේ බොහොම හොඳටයි කියල කියනවා. තව පැත්තකින් ඇහෙනවා අච්චර මෙච්චර මිනිස්සු තොග ගණනින් මැරුව කියල වාර්තා සම්මත වෙනවයි කියලා. ජනාධිපති තව කතාවක් කියනවා. හැබැයි අපි නම් දන්නවා බෙදුම් වාදියෝ ටික නම් අපිට විරුද්ධව කරන්න පුළුවන් අන්තිම දේත් කරනවා මොන ක්‍රමේකින් හරි රට බෙදල කඩා ගන්න. ඒ නිසා ඔය සුරංගනා කතා වලින් නම් වැඩක් නැහැ. මොකද අන්තිමේදී ඔය දේසපාලුවෝ අරයට මෙයට ඇඟිල්ල දික්කරල කවුරුත් සුදනෝ වෙන්නයි හදන්නේ.

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 63 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 364 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site