IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


ජිනීවා යෝජනා පිළිගැනීම නිසා යුද අපරාධ හා මානව හිමිකම් කඩවූ බව තහවුරු වෙනවා

එෆ්.අස්ලම්
 
 
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව පිළිගැනීම තුළින්ම මෙරට යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සිදුව ඇතැයි තහවුරු වන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන් මහතා පැවසීය.
 
එමෙන්ම ශ්‍රීලංකා රජයට වගවීමෙන් දුරස් විය නොහැකි බවත් යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් වලට මෙන්ම අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය හමුවේ දෑත් බැද පිළිතුරු බැදීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 
යුද සමයේදී මෙරට ආරක්ෂක හමුදාව අතින් යුද අපරාධ හෝ මානව හිමිකම් කඩකිරීම් සිදුනොවූ බවට මහජන එක්සත් පෙරමුණේ සමුළුවේදී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පලකරමින් අඩෛකලනාදන් මහතා මේ බව කියා සිටියේය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ කීය.
 
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේදී ගෙන ආ යෝජනාව පිළිගනිමින් 2017 වසරේදී එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා කාල දිගුවක් ද ශ්‍රීලංකා රජය ලබාගෙන තිබුණා. මෙතුළින් ශ්‍රීලංකාවේ යුද අපරාධ,මානව හිමිකම් කඩවීම්,අතුරුදන් කිරීම් සිදුව ඇති බවට ලක් රජය පිළිගෙන තිබෙන බව තහවුරු වෙනවා. ඒ නිසා හිටපු ජනාධිපති වත්මන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහත්තයාට අසත්‍ය ප්‍රචාරයන් සිදුකරල කාව හරි රවටන්න බැහැ.
 
යුද සමයේදී සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණයක් ස්ථාපිත කර විමර්ශනය කරන බව ප්‍රකාශ කළේ ශ්‍රීලංකා රජයයි. ජිනීවා යෝජනාවට අනුව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට දෙවසරක කාලයක් අයැද සිටියේද වැරදි සිදුවී ඇති බව රජය විසින් පිළීගෙන ඇති නිසයි.
 
මැතිවරණ සදහා මුහුණ දිය යුතු කාලයක් පැමිණීමත් සමඟ වැරදි අසත්‍ය ප්‍රචාරයන් පැතිරවීම අදහස් දැක්වීම නොකළ යුතුයි. මෙවන් ප්‍රකාශයන් සිදුකරන අය සත්‍ය වසන් කිරීමට උත්සහා දරණ අයයි.මහින්ද රාජපක්ෂ මහතාත් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ දේශපාලන වාසි වෙනුවෙනුයි.
 
කෙසේ නමුත් වගවීමෙන් ශ්‍රීලංකාවට දුරස් විය නොහැකියි.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රීලංකා රජයට දෑත් බැදගෙන මේවාට උත්තර දෙන්න සිද්ධ වෙනවා,යැයි ද අඩෛකලනාදන් මහතා කීය.
 



අදහස් (5)

ජිනීවා යෝජනා පිළිගැනීම නිසා යුද අපරාධ හා මානව හිමිකම් කඩවූ බව තහවුරු වෙනවා

Bamunuarachchi Wednesday, 20 February 2019 11:24 AM

කව්ද ජිනීවා යෝජනා පිළිගත්තේ? කොඳු නාරටියක් තිබෙන නායකයෙක් ඔය අභූත චෝදනා හෝ යෝජනා පිළිගන්නේ නැත. යුද්ධය කරපු නායකයින් එවැනි යෝජනා පිළිගන්නේ නැතිව කොහෙවත් ඉන්නකෙනෙක් කාගේවත් චෝදනා බාරගන්නේ රන්ජන් කියන කතාව සනාත කරන්න වෙන්න ඇති...

:       0       1

rocky Thursday, 21 February 2019 01:15 AM

ජිනීවා යෝජනා පිළිගත්තේ නැහැ කියලා කියන්න ඔබ දන්නේ කොහොමද බමුනාණනි? ඔබද ලංකාව වෙනුවෙන් පෙනී සිටින බලධාරියා?

:       0       0

Bamunuarachchi Thursday, 21 February 2019 02:11 AM

මහින්ද රාජපක්ෂ කිසිම යුද අපරාදයක් කොරලා නැත. ඔහු නියෝග දුන්නේ ත්‍රස්තවාදීන් නැති කිරීමටය. 2000 කාලයේ දී හැම දෙමලෙක්ම ත්‍රස්තවාදියෙකි. ත්‍රස්තවාදියෙක් උනේ තුවක්කුවක් අරගෙන ක්‍රීයාකාරී ත්‍රස්තවාදයට එකතු වීමෙන්ම නොවේ. ක්‍රියාකාරී ත්‍රස්තවාදීන්ට මහපට ඇඟිල්ල දික්කිරීමත් ත්‍රස්තවාදයට එකතුවීමකි.

:       0       0

Bamunuarachchi Thursday, 21 February 2019 10:03 AM

Rocky ඔබ දැනුත් ඉදිරිපත් කලේ අදාළ නැති තර්කයක්.

:       0       0

Bamunuarachchi Thursday, 21 February 2019 10:12 AM

රටට ඔබ වැන්නවුන්ගෙන් රටට වචනයෙන් පවා කෙරෙන හානි වලට පිළිතුරු දීමට අපි දෙසැරයක් හිතන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

‘කොළඹ නවම් මහා පෙරහැර’ වීදි සංචාරය කෙරේ
2025 පෙබරවාරි මස 12 118 0

කොළඹ ආලෝකමත් කරමින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘කොළඹ නවම් මහා පෙරහැර’ අද (12) රාත්‍රී වීථි සංචාරය කළේය.


බීම බෝතලයක් තාත්තයි දුවයි රෝහලට යවයි
2025 පෙබරවාරි මස 12 1193 1

බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදි


කඩුවෙල ජාතික පාසල් ගැටුමේ සිද්ධියට මුල් වූ සිසුන්ට ඇප
2025 පෙබරවාරි මස 12 537 0

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප


‘බොරුවෙන් බලයට ආපු අයට ස්භාවධර්ම දඩුවම් දීම අරඹලා‘
2025 පෙබරවාරි මස 12 1761 14

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුව


ලස්සන ලෝකයක් හදන්න එන්නැයි ජනපති ලෝකයට ආරාධනා කරයි
2025 පෙබරවාරි මස 12 751 6

ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මුහුදේ ගසාගෙන ගිය 13 කගෙන් 12ක් බේරා ගැනෙති :අයෙක් අතුරුදන්
2025 පෙබරවාරි මස 12 704 0

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 124 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 913 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site