(නිමල කොඩිතුවක්කු)
ජිනීවා මානව හිමිකම් කොමිසමේදී රටට එරෙහිව සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලිමක් කරයි.
ජිනීවා තානාපතිවරයා දිවයිනට කැඳවා ඔහු සහ මනෝ තිත්තවැල්ල මහතා සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතුව ඇතැයිද දිසානායක මහතා සඳහන් කළේය.
පුංචි බොරැල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකට අද (28) එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.
ජිනීවා මානව හිමිකම් කොමිසමේදී රටට එරෙහිව සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් ගැනීමට කටයුතු කරන බවද දිසානායක මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
කොමිසම් ඉල්ලීම කෙසේවෙත්තත් මේ පාර අකුලාගෙන ගෙදරනම් යන්න වෙනවා නියතයි.
මේවා සාමාන්‍ය විධි විධාන යටතේ ඉටුකර ගැනීම වඩා වැදගත්. මේ අය මේකෙනුත් හදන්නේ දේශපාලන වාසි ලබන්නයි. හැම එකටම මෙහෙම කොමිසම් දාන්න යයි කියන්නේ ඒවාට යන අධික වියදම් දෙන්නේ මේ අයගේ අය නෙමෙයි. මේ රටේ ජනතාවයි.
කිසිම කොමිසමක් තියන්න එපා .. මහජන සල්ලි තවත් නාස්ති කරන්න දෙන්න එපා ..
මේ අයට එක එකාට මඩ ගහනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න නැහැ. ජිනීවා සමුළුව පටන් ගන්නත් කලින් රටේ උගත් අය මේ ප්‍රශ්නේ කතා කෙරුවේ.වෙන වෙන මගුල් කර කර බකන් නිලා ගෙන ඉඳල ඔක්කොම විනාශය උනාට පස්සේ කොමිසම් දාන්න හදන. පාර්ලිමේන්තුවේ ඉන්න රටට බරක් වුණු ආත්මාර්ථකාමීන් ටික මුහුදටට තල්ලු කරලා දාන්න ඕනේ.