(නිමල කොඩිතුවක්කු)
ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක් කල් ලැබුණේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් ලැබුණු ප‍්‍රසාදය නිසා යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජබර් රහුමාන් මහතා කොළඹදී පැවැසීය.
තමන් විදුලි පුටුවට ගෙන යන බවට පපුවට ගසමින් කෑ මොර දුන් මහින්ද රාජපක්ෂ මහතාට රැකවරණය හිමිවූයේද වත්මන් රජයට ජාත්‍යන්තරයෙන් ලැබුණු ප‍්‍රසාදය නිසා බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්තානයේ අද(29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජබර් රහුමාන් මහතා මෙසේද කීය.
“මානව හිමිකම් කවුන්සිලයට ගිහින් විපක්ෂය විසින් අපි මේ රටේ පරමාධිපත්‍ය, හමුදාව පාවලා දීලා කියන චෝදනාව සුපුරුදු පරිදි දේශපාලන වේදිකාවේ කියමින් සිටිනවා. මානව හිමිකම් කවුන්සිලයට අපිට යන්න සිද්ධ වුණේ 2009 යුද්දය අවසන් වුණාට පස්සේ. බෑන් කී මූන් මහතා දිවයිනට ඇවිත් එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා සමග යම් යම් එකඟතාවලට ආවා.
2009 ඉදන් එවකට හිටපු රජය යම් යම් කරුණුවලට එකඟ වෙලා ඒවා ක‍්‍රියාත්මක කරන බවට ජාත්‍යන්තරයට නොයෙකුත් පොරොන්දු දුන්නා. මේ දීපු පොරොන්දු එකක්වත් 2012 වනතෙක් මේ අයට ඉටු කරන්න බැරි වුණා. එතැන් සිට අපිට සම්බාධක පැනවෙමින් කොන්වෙමින් තිබුණා.
ශ්‍රී ලංකාව සම්බාධක අභියස හිටියා කියලා එවකට මානව හිමිකම් කවුන්සිලයට ගිය මහින්ද සමරසිංහ මහතා පිළිගෙන තියෙනවා.
මහින්ද රජාජපක්ෂ රටේ ජනාධිපති වුනත් වැදගත් රටවලට එතුමන්ට යන්න බැරි වුණා. එහෙම ගියත් එතුමන්ට පිළ්ගැනීමක් ලැබුණේ නැහැ. ඒ නිසා එතුමන්ගේ සම්බන්ධතාවය තිබුණේ අප‍්‍රිකානු රටවල් සමඟයි. මැතිවරණ ආවහම මහින්ද රාජපක්ෂ මහතා හැම වේදිකාවකම බෙරිහන් දුන්නා එයාව විදුලි පුටුවට ගෙනියන්න හදනවා කියලා, මේ රටේ රණවිරුවන් විදුලිපුටුවට ගෙනියන්න හදනවා කියලා. අත් දෙකෙන් පපුවට ගහගෙන ලොකු ප‍්‍රචාරයක් ගෙන ගියා.අද වනවිට ඒ විදුලි පුටුවේ කතාව නැතිවෙලා තියෙනවා. අද මහින්ද රාජපක්ෂ මහත්තයා කොහේවත් ගිහින් කියන්නේ නැහැ තමන්ව විදුලි පුටුවට ගෙනියනවා කියලා.
2015 දී අපේ ආණ්ඩුවේ ජයග‍්‍රහණයත්, ජාත්‍යන්තරයේ අපි ගොඩනගපු ප‍්‍රතිරූපයත් එක්ක අපිට පුලූවන් වෙලා තියෙනවා ජාත්‍යන්තරය සමඟ යම් යම් එක`ගතාවලට එළැබෙන්න. ඒක තමා අපි ලබපු විශාලතම ජයග‍්‍රහණය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අපිට තව අවුරුදු දෙකකට අවස්ථාව ලබා දුන්නා. 43 වන සැසිවාරයේදි නැවත අපේ ප‍්‍රගතිය බලන්න ඔවුන් එකඟ වෙලා තියෙනවා.
දෙමුහුන් අධිකරණ විදේශ විනිසුරුවන් පිළිබඳ අපිට තිබුණ චෝදනා විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා මානව හිමිකම් කවුන්සිලයයේදී ප‍්‍රතික්ෂේප කළා. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව එවැනි දෙයක් කරන්න බැහැ කියලා එතුමා බය නැතුව ප‍්‍රකාශ කළා.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන වාසි තකා ප‍්‍රකාශ කළ හැම දෙයක්ම පුස්සක් බව අද වනවිට තහවුරු වී තිබෙනවා” යැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩුත් හාමුගේ නඩුත් හාමුගේ... කාට කියලද සම අනුග්‍රහය දැක්කුවේ?
මේ ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙනවා කියලා ඇහුණු එකත් ලොකු දෙයක්...
හලෝ ඔහෙලා මොන බම්බුවකටද සම අනුග්‍රහය දැක්වූයේ ඉන් රටට ලැබුණු වාසිය මොකක්ද? ජිනීවා යෝජනාවට කල් ලැබුණා කියලා රටට වුණු සෙත කියනවා. අර 57ට දැනගන්න ඕනේ රටට වෙච්ච සෙත... අර 62 ඔහෙලා කියා ඕනෙම කෙප්පයක් බාර ගන්නවා...
අපිට වාසිය ජිනීවා යෝජනාව සම්මත වුණාද? ඒක කියනවා පළමුව. අපිට වාසිය ජිනීවා යෝජනාව සම්මත වුණා නම් ඩයස්පෝරාව ජිනීවාවල පාට් දැම්මේ මොන බම්බුවකටද?
කට ඇරියොත් බොරු කියන්නේ...
කල් දුන්නයි කියන්නේ ප්‍රශ්නය විසඳිලා නෑ කියන එකනේ... චෝදනාව එහෙමමයි.
අනේ මගේ කට....
ඕවා යෝජනාව නොවේ. අපිට එල්ලකරන බලපෑම්... මොන යෝජනා, බලපෑම් අාවත් පීඩාවට පත් වෙන්නේ සාමාන්‍ය ජනතාවයි. ඔයාලා නොවේ. බලන්න මේ විදුලි කප්පාදුවෙන් පීඩාවට පත් වෙන්නෙත් සාමාන්‍ය ජනතාව තමයි.
ජිනීවාවලට ෆයිල් හංගගෙන ගිහින් ඉස්සෙල්ලම රට පවා දුන්නේ රාජපක්ෂයි. අද ඔවුනට එය පාරා වළල්ලක් වෙලා. අපරාධ කර නැතිනම් මොකටද භය?
එදා ඔවුන් කරපු පව්වලට අද කමා කරගන්න වෙලා තිබෙන්නේ වෙනත් අයටයි. ඒක නිසා බොරුවට අපිව දඬුකඳේ ගහන්න යනවා නොකියා පව් කමා කරගන්න වෙහෙසෙන අයට සහයෝගය දී දඬුකදෙන් බේරීම නේද හොඳ?