( +++ ජයන්ත සමරකෝන්)
එළඹෙන ජනවාරි පළමු වැනිදා මුළු දිවයිනම ආවරණය වන පරිදි රාජ්‍ය ආයතන පරිශ්‍රවල රුක් රෝපණ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ කටයුතු යොදා ඇත.
එදින පෙරවරු 9.49 ට යෙදෙන සුබ මොහොතින් පැළයක් සිටුවා නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කරන්නැයි නිලධාරීන්ට දැනුම් දුන් බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව මෙම වැඩ සටහන ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා කීය.
මෙම වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් පළාත් පාලන ප්‍රධානීන් දැනුම්වත් කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙය සියලුම රාජ්‍ය ආයතන වල අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.
COMMENTS
මෙය හැකිතාක් පුද්ගලික අංශයේ වුවත් ක්‍රියාවට නැගීමට හැකිනම් ඉතා වටී. නිවෙස් වල අපිත් හැකිතාක් මෙයට දායක වෙමු...
කොහොමත් රාජ්‍ය ආයතන වල වැඩ අරඹන සුබ මොහොත හැමදාම ඔය සුබ වෙලාව කිට්ටුව තමයි
වත්තක අඹ ගහක්, අැඹරැල්ලා ගහක්, කොස් ගහක්, පොල් ගහක් පීදෙන කොට, අල්ලපු ගෙදර මිනිහාට බලන් ඉන්න බැහැ. කොහොම හරි වද දීලා කප්පවනවා. මායිමේ ගෙයක් අටවා ගෙන අල්ලපු වත්තේ ගහකොළ ගැනයි ඊර්ෂ්‍යාව. මොනවා කීවත් සිංහල මිනිහාගේ හැටි එහෙමයි. මේවාටත් සීමාවක් හදන්න ඕනේ...
පෙරවරු 9.49 ට යෙදෙන සුබ මොහොතින් වැඩ අරඹා කිරිබත් වලින් සප්පායම් වී පැළ හිටුවන විට දවස ඉවරයි. අඩුගානේ මහජනයාට කියන්න එදාට රජයේ ආයතන වලට යන්න එපා කියලා.
ලෝක වෙළඳ මධ්‍යස්ථානෙ තියෙන රාජ්‍ය ආයතන පැළ හිටවන්නේ කොහෙද දන්නේ නෑ නේද?
මම මේ දේ ගැන අසුබවාදීව බලනවා නෙමේ. නමුත් ඊළඟ අවුරුද්දෙත් ඔය ගස් හිටවන වලම සුද්ද කරලා නැකතට වෙන පැලයක් සිටුවන්න පුළුවන් වේවි... මොකද පැළයක් සිටුවලා වැඩක් නැහැ හොඳින් බලාගත්තේ නැතිනම්...