(නාලක සංජීව දහනායක)
වහාම මහා මැතිවරණයක් පවත්වන්නැයි බලකරමින් ජාතික එකමුතුව සංවිධානය විසින් පවත්වන ලද ‘ජනවරමට අවසරයි’ මහජන රැළිය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටදී අද (3) පැවැත්විණ.
මරදාන, එල්ෆිනිස්ටන් රඟහල ඉදිරිපිට මහා මාර්ගය හරස්කරමින් ජනවරමට අවසරයි රැළියේ වේදිකාව ඉදිකර තිබුණි. මේ හේතුවෙන් කොළඹ,මරදාන ප‍්‍රධාන මාර්ගය හා ඒ අවට අතුරු මාර්ග සියල්ලේම දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබුණි.
දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් පැමිණි ජනතාවගෙන් කොළඹ, මරදාන ප‍්‍රධාන මාර්ගය පිරී ඉතිරී ගියේය. රෝහිත අබේගුණවර්ධන, බන්දුල ගුණවර්ධන,ටී.බී ඒකනායක, ප‍්‍රසන්න රණතුංග ඇතුලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා කංචන ජයරත්න සබරගමු පළාත් සභාවේ සභාපතිවරයාද ජනතාව දිරිමත් කරමින් රැස්වීම් භූමියේ රැඳී සිටිනු දක්නට ලැබුණි.
පස්වරු 2.00 පමණ ‘ජනවරමට අවසරයි’ මහජන රැළිය ආරම්භ විය.
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශ‍්‍රාමික මේජර් ජෙනරල් බොනිෆස් පෙරේරා හා විශ‍්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න, වෛද්‍ය සීතා අරඹේපොළ, මහාචාර්ය චන්න ජයසුමන,රංගන ශිල්පිනී අනුෂා දමයන්ති ඇතුලූ විවිධ ක්‍ෂේත‍්‍ර හා සංවිධානවලට සම්බන්ධ වෘතිකයන් හා කලාකරුවන්, ආගමික නායකයන් ඇතුලූ විශාල පිරිසක් මෙම රැළිය ආමන්ත‍්‍රණය කළහ.
ඡායාරූප - ගයාන් අමරසේකර





COMMENTS
රටේ පවතින ව්‍යවස්ථාව නොසලකා හරිමින් කාටවත් කටයුතු කරන්න බැරි බව මතක තියාගන්න ඕනේ. මහපාරවල් හස්රස්කරමින්, බලහත්කාරකම් කරමින්, ජනතාව පිඩනයට පත් කරමින්, මේ හොර නඩය ඉල්ලන්නේ මොන ජාතියේ ජනවරමක්ද? උසාවියෙන් දීල තියෙනවා තියෙන වරම ගැන උත්තරයක්. තව ලැබෙයි හෙට අනිද්දට. තවත් ජන වරමක් ඕනේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දෙන් ඒ වරම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ජනාධිපතිවරණයක් ජනවාරි අටෙන් පස්සේ තියෙනවා.
එක එක්කෙනා කියන කියන හැටියට පාලනය වෙනස් කල හැකිනම් රටකට ව්‍යවස්ථාවක් අවශ්‍ය නැද්ද?
යුක්තිය හදයි, ජනවරමට අවසරයි සාමාන්‍ය ජනතාව ගැන කිසිම තැකීමක් නෑ. පාරවල් හරස් කරගෙන මේවා කෙරුවම වැඩ ඉවර වෙලා මිනිස්සු ගෙදර යන්නේ කොහොමද? අනික මේ දවස් වල සාමාන්‍ය පෙළ විභාගේ. මේවා ගැන බලලවත් ඔය විකාර නවත්වන්න.
ඔතන සිටින හිටපු අගවිනිසුරුවරයා මහින්ද ගැන කිව්වෙ මොනවාද. දැන් කියන්නේ මොනවාද.
දැන් මෙගොල්ලොන්ගේ අාණ්ඩුවනේ තිබ්බේ, ඇයි මැතිවරණ ඉලලනනේ?? බයටද?
ජනතාව කියන්නේ පොහොට්ටුවන්ට විතරක් නොවෙයි. ඔහෙලාට ඕන ඕන වෙලාවට මැතිවරණ පවත් වන්න බැහැ!
මෙතන ජාතික එකමුතුවක් නෙමෙයි. කඩේ යන කට්ටියගේ එකමුතුවක්.
මේ අය කාවද මේ රවටන්න යන්නේ? ඊළගට තියෙන්නේ පළාත් සභා ඡන්දය. නඩු ටික වහගන්න ඡන්දයක් නීතිය අනුව නැහැනේ.
මහජනතාව ඔවුන්ගේ ප්‍රශ්න වලට විසදුම්ක් මිස මැතිවරණයක් ඉල්ලසිටියේ නැත. මහජනතාව කියන්නේ පොහොට්ටුවේ නායකයින් හෝ විරුද්ධ පක්ෂයේ නායකයින්ද නොවේ.
මෙතන ඉන්න කට්ටිය දිහා හොඳින් බලන්න. ඔබගේ ඇස්වල තිමිර පටලයක් ඇති නම්, එයත් පිසදා තවත් ලංවෙලා බලන්න. මම නොපැකිලව කියනවා මෙතන ඉන්නවා...හොරු. මංකොල්ලකාරයෝ, බොරු කාරයෝ, නීතිය, අවනීතිය කරපු තක්කඩි, මිනී මරුවෝ, ස්ත්‍රී දූෂකයෝ, සහ අනුන්ගේ පහනින් එළිය බැලුවෝ. ඒ කවුදැයි ඔබම තීරණය කරන්න. මේ දෙගොල්ලම එකයි කියලා ඔබත් මමත් තේරුම් අරන් බොහෝකල් බව මම දනිමි. මේ පාරවත් මොවුන්ගෙන් අපේ රට බේරාගන්න අලුත් ක්‍රමයක් සොයා යමු.