අජන්ත කුමාර අගලකඩ
කොළඹ කොටුවේ පිහිටි ජනරජ ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන අමාත්‍ය මණ්ඩල කාර්යාලය, මිලෝදා ආයතනය පවත්වාගෙන යන පැරණි ටයිම්ස් ගොඩනැගිල්ලට රැගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
අමාත්‍ය මණ්ඩල කාර්යාලය පවත්වාගෙන යන ජනරජ ගොඩනැගිල්ලේ ඉඩකඩ සීමිත වීමත්, එහි අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදුකළ යුතුවීමත් සැළකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.
අමාත්‍ය මණ්ඩල කාර්යාලය, කොළඹ 5, කැප්පෙටිපොළ මාවතේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට ගෙනයාමට, ඉකුත් රජය යටතේ තීරණය කර තිබිණි.
එහෙත් එම ගොඩනැගිල්ල වසර 40 කට වඩා පැරණි වීමත්,එහි අලුත්වැඩියා කටයුතු සඳහා විශාල මුදලක් වැය කරන්නට සිදුවීමත් යන කාරණා මත එම තීරණය ක්‍රියාත්මක නොකිරිමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
133
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනරජ ගොඩනැගිල්ලේ අමාත්‍ය මණ්ඩල කාර්යාලය පැරණි ටයිම්ස් ගොඩනැගිල්ලට
sharm warn Wednesday, 12 February 2020 03:53 AM
මේකත් තව එක සබිතාපායක් නොවේවා.!