තරිඳු ජයවර්ධන
ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව මෙම තීන්දුවෙන් තහවුරු වී හමාර බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද පැවසීය.
‘මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිය ඉදිරියේ වරදකරුවකු වෙලා ඉවරයි.‘ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා දැනුම්වත්වම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ නම් ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි වගන්තියේ සඳහන් වන බව ද විජිත හේරත් මහතා කීවේය.
අනාගතයේ කොමිසමක් හරහා මෙවැවනි කෙනකුගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එයා විතරක් දැන් වරදකරුවෙක් වුනේ ? ඔබලා නිවැරදිකරුවෝද?
හොදම වැඩේ මේක ඔබලාටම දීලා අපි මේකෙන් යන එක.
හේරත් මහත්තයා, මෙම යෝජනාව කරුණාකරලා පාර්ලිමේන්තුවට ඉදරිපත් කරන්න. මීළඟට ඉදිරිපත්වන සියලුම අපේක්ෂකයෝ අඩුම තරමේ උසස්පෙළ වැඩ තුනක් සමත් වීම, විභාග සහතිකය සම්මුඛ පරීක්ෂණයකදී පෙන්වීම, සහ ශ්‍රී ලංකා ව්‍යවස්ථා දැනුම, ගණිතය , සිංහල භාෂාව , ශ්‍රී ලංකා සහ ලෝක ඉතිහාස දැනුම, පරිසර විද්‍යාව සහ කෘෂිකර්මාන්තය දැනුම සහ සාමාන්‍ය බුද්ධිය පිලිබඳව පැය 3ක විභාග පරීක්ෂණයකට ලක්කොට තෝරා බේරාගත් පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කරන්න. මේ පිලිබඳව දැන්මම මහා ජනයා දැනුවත් කරන්න. නැතිනම් නැවතත් එන්නේ පාර්ලිමේන්තුවේ හූ කියන, ගුටිබැට හුවමාරු කරන පිරිසක්. මෙය දැන්මම නැවත්විය යුතුයි. අපි කවදාද අනාගත පරපුරට ආදර්ශයක් වන්නේ. නැතිනම් අපි තුන්වන ලෝකයෙන් හතර වන ලෝකයට වැටෙයි.
ඇත්ත, ගරු ජනාධිපතිතුමා ව්‍යවස්ථාවට අකීකරු වුණා තමයි. හැබැයි රට ජාතිය ගැන හිතා මිසක තමුන් ගැනවත් අහක හිටපු මහින්ද ගැනවත් හිතා නෙවි. ඒ පියවර නොගත්තා නම් ගේන්න සැළසුම් කරපු විනාශකාරී 20 වන ව්‍යවස්ථා සංශෝධනය 19 වගේම වංචනිකව සම්මත වෙලා ඉවරයි. දැන්වත් ඔය 20 වන සංශෝධන යෝජනාව අකුළ ගන්න. ජනපතිතුමා නීතිය ඉදිරියේ වරදකරුවෙක් වුණත් ජනතාව ඉදිරියේ වරදකරුවෙන් වුණේ නැහැ.
ඒ වගේම ඔබත් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ න්‍යාය පත්‍රය ට අනුව වැඩ කරන බවත් තහවුරු විය.
අද සිදුවන, ජනතා නියෝජනයට පිටුපාමින් සහ එය විකෘති කරමින්, මුදලට මන්ත්‍රීවරුන් පැති මාරු කරන අසික්කිත, මජර දේශපාලන සංස්කෘතිය මේ රටින් තුරන් කිරීමට 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඔබට අවස්ථාවක් ලැබේ යයි ප්‍රර්ථනා කරමි.
දීපාල් ඔයත් මානසික රෝගියෙක්ද?
දීපාල් නිරෝෂ්, ඔබ 19 වැනි ව්‍යවස්ථාව ගැන විශේෂඥයෙක් වගේනෙ. යෝජිත 20 ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා වගෙයි. අපි මෛත්‍රීපාල මහත්තයව ජනාධිපති කරන්න ඡන්දෙ දෙන්න හේතුවුණ එක පොරොන්දුවක් තමයි, විධායක ජනාධිපතිකම ඉවත් කිරීම. හොරුන්ට දඬුවම් කිරීම අපි බලාපොරොත්තු වුන තවත් කාරණාවක්. විධායක ජනාධිපති කෙනෙක් මේ රටට කොහෙත්ම අවශ්‍ය නැහැ! 20 සංශෝධනය සම්මත කලයුතුමයි!
අනාගත පරම්පරාවට රටක් තියන්න
20 වැනි සංශෝධනයක් ගැන හිතන්නවත් එපා. කොහොම වුනත් ඔහෙලා රනිල්ට කත් ඇදීම නිසා අපිට පුළුවන් ජේවීපී කාරයොත් මහින්දට හරවන්න.
මේ මුහුණ හොඳයි කික් බොක්සිං ක්‍රීඩකයින්ට පංචින් බෑග් එකකට.