
(සුජිත් හේවාජුලිගේ )
ක්ෂේත්‍ර රාජකාරි සඳහා අත්‍යවශ්‍ය වන වාහන 164ක් සහ යතුරුපැදි 150ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන්ට ජනාධිපති කාර්යාලයේදී අද (28) පෙරවරුවේ බාර දුන්නේය.
මෙසේ බාරදුන් වාහනවලට ගිලන්රථ 50ක් ජල බවුසර් 52ක් සහ ඩබල් කැබ් රථ හැට එකක් ඇතුළත් විය.
ගිලන් රථ 50 ලබා දුන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුවසැරිය ගිලන් රථ සේවය සඳහාය.
ජල බවුසර් සහ ඩබල් කැබ් රථ,වනජීවී දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතනවලට ප්‍රදානය කෙරිණ.
ජනාධිපතිවරයා යතුරුපැදි 150 බාරදුන්නේ පොලිස් දෙපාර්තමේන්තුවටය.
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ක්‍රමය යටතේ පිරිනැමුණු එම යතුරු පැදි පොලිස් දෙපාර්තමේන්තුවේ රථ රථවාහන රාජකාරි සඳහා යොදවා ගැනීමට නියමිතය .
ජනාධිපතිවරයා එම යතුරු පැදි සංකේතාත්මකව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සහ පොලිස්පති සීඩී වික්‍රමරත්න යන මහත්වරුන්ට සංකේතාත්මකව පිරිනැමුවේය.
මේ අවස්ථාවට ඇමැතිවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, කෙහෙළිය රඹුක්වැල්ල සී බී රත්නායක, රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මුදල් අමාත්‍යංශයේ ලේකම් ලේකම් කෙස් ආර් ආටිගල සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.



COMMENTS
ඕකත් ඔන්න ඔහේ පැදලා බලන්න... දැනුත් ඒකමනේ කරන්නේ... ජනාධිපති වෙලා ඉඳගෙන...
දැන් කියයි මාව පත්කලේ වාහන බෙදන්න නම් ඉතින් වැඩක් නැහැනේ කියලා...
ගිලන් රථ - සෞඛ්‍යයට, බවුසර් වනජීවියට, ප්‍රාදේශීය ලේකම් - ආපදා කළමනාකරණයට, මෝටර් සයිකල් - පොලිසියට ... ඒ ඔක්කොම හරි. ගැටළු නැහැ කැබ් රථ...?
ආ.. මේ ජපානෙන් දීපුවා තමයි අපේ ජනාධිපතිතුමා උත්සව තියලා බෙදලා දීලා තියෙන්නේ... නැතිව අපේ ආණ්ඩුවෙන් මිලදී ගත්තු ඒවා නොවෙයි. කමක් නැහැ මේ දවස්වල වෙන දන්න දේකුත් නැහැනේ...?
ඊළඟ පාර ලොතරැයි දිනුමකට චෙක් එක බෙදා දෙන්න. ජනාධිපති දැන් වාහන බෙදා දෙන තත්වයට පත්වෙලා
ඔන්න දැන් පේනවා නේද? මේ ජනපති ඉන්නේ හාල්, සීනි වල මිල බලන්න නෙමෙයි... මෙන්න මේ වගේ කොහේහරි රටකින් දෙන වාහන බෙදලා දෙන්න... රෙස්පෙක්ට් සර්...