(නිමල කොඩිතුවක්කු)
‘‘ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල - 2018’’ නිර්දෙශිත නම් සඳහා සහතික පත‍්‍ර ප‍්‍රදානය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (23) පැවැත්විණි.
ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවති මෙම උත්සවයේදී සම්මාන සඳහා නිර්දේශ ලැබූ 78 දෙනෙකු සඳහා සහතික පත‍්‍ර පිරිනමනු ලැබීය.
ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ප‍්‍රථම වරට සංවධානය කළ මෙම සම්මාණ උළෙලේදී රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් හා වෙබ් ක්ෂේත‍්‍ර 4 නියෝජනය කරමින් සිංහල,දෙමළ, සහ ඉංග‍්‍රීසි භාෂා ත‍්‍රිත්වයම නියෝජනය කළ මාධ්‍යවේදීන්ට සම්මාන ප‍්‍රදානය කෙරුණි.
යහපත් ජනමාධ්‍ය කලාවක් රටේ බිහි කිරීමේ අරමුණින් ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා අගය කිරීම රජයේ යුතුකමක් බව එහිදී අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා පැවැසීය.
සෑම වසරකම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අඛණ්ඩව පැවැත්වීමට විධි විධාන යොදා ඇති බවත් පැවසූ ලේකම්වරයා ලබන වසරේ මාධ්‍ය සම්මාන උළෙලේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් සඳහන් කළේය.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජේ.ඩබ්.කිත්සිරි මහතා, සම්මාන උළෙලේ ජූරිය ලෙස කටයුතු කල කමිටුවේ සාමාජිකයන් ඇතුළු මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් ද මාධ්‍යවේදීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනපති මාධ්‍ය සම්මාන වලට සහතික පත්‍ර පිරිනමයි