(රංජන් කස්තුරි)
රාජ්‍ය ආයතන වල දූෂණ වංචා සෙවීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවට පැමිණිලි බාර ගැනීම මේ මස 7 වැනිදා අවසන් කෙරෙන බව එම කොමිසම සඳහන් කරයි.
මේ වන විට එම කොමිෂන් සභාවට පැමිණිලි 295ක් පමණ ලැබී තිබෙන බවද කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
එම පැමිණිලි අතර සීමාසහිත ඕෂන්වීව් ඩිවලොප්මන් සමාගමේ සභාපති කළමණාකාර අධ්‍යක්ෂකවරයාට එරෙහිව ලැබී ඇති බරපතල චෝදනා, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ දූෂණ , මහරගම පිළිකා රෝහලට ඖෂධ වර්ග දෙකක් ගෙන්වීමේදී රුපියල් කෝටි 380 ක වංචාවක් සිදුව ඇතැයි කියන සිද්ධියට අදාල පැමිණිලි තිබෙන බවද එම ආරංචි මාර්ග කියයි.
2015 ජනාවාරි මස 15 වැනි දින සිටි 2018 දෙසැම්බර් මස 31 වැනිදින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයාබැලීමට එම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කර තිබේ.
COMMENTS
කෝට්ටේගොඩ, සෝමදාස සහ හෙට්ටිහැන්දි ඇතුළු පිරිස පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙන්නේ රාජීව් නාගනාදන් විසින් සිය පියාට කතා කොට තිබෙන ඩයලොග් දුරකතන අංකයේ දත්ත විශ්ලේෂණය කිරීමේදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ ගොනු කොට තිබෙන වාර්තාවන්ට අනුව එම දුරකතන අංකයේ සෑබෑ හිමිකරු මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ වන විට එම පුද්ගලයා පිළිබඳව කිසිඳු තොරතුරක් නොමැති ඇති අතර අපරාධ පරික්ෂකවරුන් සැකකරනුනේ එම පුද්ගලයාවද යම් පිරිසක් විසින් ඝාතනය කරන්නට ඇති බව ය. කෙසේ නමුත් අධිකරණ නියෝග මත දුරකතන දත්ත ලබා දෙන්නැයි අවස්ථා කිහිපයකදීම අදාළ ආයතනයෙන් ඉල්ලා සිටියද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ බලපෑම් මත එම දත්ත ලබා දීම ඩයලොග් ආයතනය පමා කළ බව ද සීඅයිඩීය අධිකරණය හමුවට කරුණු සැළකර තිබේ. මෙය දුෂිතයන්ට සුදුහුණුගාන පුද්ගලයින්ගේ දැනගැනීම පිණිසයි.. පුද්ගලයන් 11 දෙනා අතුරුදන් කිරීමේ නාවික හමුදාවේ ඝාතන මෙහෙයුම..
වෙනත් කොමිසන් වගේ සුදු අලියෙක් වෙයිද?
රටේ සිදුවී ඇති අනෙකුත් අපරාධ විභාග නඩු අවසන් නොකරම හමස් පෙට්ටියට ඔබලා තවත් කොමිසන් තියලා පැමිණිලි භාරගන්න යනවා. මෙහෙමත් ප්‍රෝඩාකාරී දේශපාලකයෝ.
ජනතාවට ඕවා වැඩක් නැහැ. ගමේ පාරේ අලි නාවන වලවල් ටික වහන්න