IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


’ජනපති ධූර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න තවම කල් තියෙනවා’

(කාංචන කුමාර ආරියදාස)

ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා තවමත් කාලය ජනාධිපති වෙත පවතින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (17) පැවසීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා දඹුල්ල ප්‍රදේශයේ රාජකාරි සංචාරයක නිරත වූ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින් මෙසේ පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාව ඉදිරි දින 12-13 ඇතුළත ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් මෙරට නීතිය අනුව එය ප්‍රමාද කිරීමේ  හැකියාව පවතින එකම ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය බවත් එය යොමුකිරීමේ හැකියාව පවතින්නේ ජනාධිපතිවරයාට පමණක් බවද ආණ්ඩුකාරවරයා කීය.

ජනාධිපතිවරයා එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම සඳහා කටයුතු කිරීමක් සිදුකරයිද යන්න පෙනෙන්නට නොමැති බවද සඳහන් කළේය. කෙසේ වෙතත් දෙසැම්බර් මාසයේ ජනාධිපතිවරණය පවත්වා මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීමේ අවස්ථාව පවතින බවයි.

ඉදිරිපත් වන අපේක්ෂකයන් ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් තවමත් ඉදිරිපත් වී නොමැතිකම ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන  බවද එක්සත් ජාතික පක්ෂය තුළ තවමත් අපේක්ෂකයකු තෝරාගෙන නැති බවද ඒ මහතා පැවසීය.

මැතිවරණයක අන්තිම මොහොත දක්වා අපේක්ෂකයන් ඉදිරිපත් නොකිරීම එක්සත් ජාතික පක්ෂයේ අදක ඊයෙක තිබුණු ප්‍රශ්නයක් නොවන බවත් එය දිගින් දිගටම පැවැති ප්‍රශ්නයක් බවද කීවේය.



අදහස් (0)

’ජනපති ධූර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න තවම කල් තියෙනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 95 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site