IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති ජපාන හිටපු අගමැති අතර හමුවක්

ජපානයේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකූඩා මහතා අතර හමුවක්  ටෝකියෝ නුවරදී පැවැත්විණි.

ජපාන අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගී වීමට ලද ආරාධනය පරිදි ජනාධිපති ටෝකියෝ නුවරට ගොස් සිටින අතර ජපාන හිටපු අග‍්‍රාමාත්‍ය යෂුවෝ ෆුකූඩා, ශ‍්‍රී ලංකාවේ හිටපු ජපාන තානාපති කෙනචි සුගනුමා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනපති හමුවී සාකච්ඡාවක නිරත විය.

ජනාධිපති ධූරයෙන් විශ‍්‍රාම ගත්ත ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළ තවදුරටත් රටට අවශ්‍ය බවද හිටපු ජපාන අග‍්‍රාමාත්‍යවරයා  පෙන්වා දුන්නේ ය.

ජනාධිපතිවරයා රටේ සමාජයීය දියුණුව වෙනුවෙන් ගෙන ගිය නව වැඩසටහන් අගය කළ හිටපු අග‍්‍රාමාත්‍යවරයා පසුගිය පාස්කු ඛේදවාචකයෙන් පසුරට තුළ මතු වූ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ගත් පියවර ද අගය කළේය.

ජනාධිපති ධූරයෙන් විශ‍්‍රාම ලැබුව ද ශ‍්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගීතාවය ඉහළ නංවා ගැනීමේ වැඩසටහන් සඳහා අඛණ්ඩව කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ත‍්‍රස්තවාදය මැඩැලීම සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට බඳුන්විය.

තම ධූර කාලය තුළ දී ශ‍්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථික අභිලාෂයන් ඉටුකර ගැනීමට ජපාන රජය තමා වෙත ලබාදුන් විශේෂ සහයෝගයට ද ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාව නිරන්තරයෙන් සුහද මිතුරෙකු ලෙස ජපානයේ සහයෝගය අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

ජනපති ජපාන හිටපු අගමැති අතර හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 220 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 972 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site