නිමන්ති රණසිංහ
අල්ලස් වශයෙන් රුපියල් මිලියන 20 ක් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දෑව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (09) නියෝගයක් නිකුත් කළාය.
මෙම සැකකරුවන් විදෙස් ගත වීමට සූදානමක් ඇති බවට තොරතුරක් ලැබී ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
එසේම එම නියෝගය පිළිබඳව ආගමන හා විගමන පාලකවරයාට දන්වා යවන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් කළ බව අල්ලස් කොමිසම ඉකුත් නඩු දිනයේදී අධිකරණය හමුවේ සඳහන් කර තිබිණි.
COMMENTS
තමන්ට කිසිම වැඩක් කරන්න ඉඩ දුන්නේ නැහැයි කියලා ජනාධිපතිතුමා කියාපු එක කොතරම් සැබෑවක්ද ??
බැඳුම්කර මන්තරේ කටපාඩම් බොහෝ ඉහළ සිට පහළට සිටින සමහර දේශපාලකතුමාලට මේවා වුණාද කියලා ගානක්වත් නැහැ. ඒවා කතා කරන්න බය ඇත්තේ මේ චූදිතයන් කට ඇරියොත් රට නොදන්නා බොහෝ දෙනාගේ පැටිකිරිය එළිවෙයි කියා බයේ එහෙම නොකරනවා වෙන්න ඇති සමහරවිට... මොකද කාගෙකාගේත් කිල්ලෝටවල හුණු ඇතිනේ ප්‍රසිද්ධ නොවුණාට. නැද්ද මං අහන්නේ?
සපුමල්, මේ අල්ලස් වැඩේදිත් කිල්ලෝටවල හුණු තියේදැයි බලන්න පුළුවන් වෙයි. මෑන්ස්ලා දෙන්නව රට ඇරියොත් වැඩේ ගොඩින් ශේප්. ඕං මන් කිව්වා.