(නාලක සංජීව දහනායක)
සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය හා නිල රථ සීමා කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමුවී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ජනාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලය බොහෝ දුරට පනහට අඩු පිරිසකගෙන් සමන්විත වනු ඇතැයි වාර්තා වේ.
ඊට අමතරව අමාත්‍ය කාර්ය මණ්ඩල හා අමාත්‍ය නිල රථද සීමා කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
විශාල කාර්ය මණ්ඩලයක් නඩත්තු කිරීමෙන් වියදම හා නාස්තිය අධික වන බැවින් මුදල් ඉතිරිකර ගැනීමේ පියවරක් වශයෙන් ජනාධිපතිවරයා මෙම තීරණය ගැනීමට නියමිතය.
රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ ඡායාරූපය වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරන ලෙසත්, මහාමාර්ගවල අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකරන ලෙසත් ජනාධිපතිවරයා පෙරේදා උපදෙස් දුන් අතර ඒ අනුව මේ වනවිටත් බොහෝ රාජ්‍ය ආයතනවල රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කර ඇත.

COMMENTS
නියමයි.
සිදු කරන වෙනස්කම් ඉතා හොදයි.. මෙය දිගටම රැකගැනීමේ අභියෝගට සාර්ථකව මුහුණ දෙන්න ශක්තිය ලැබේවා.
අපගේ රට ගොඩනැගීමට කලයුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුවෙමින් පවතී. සියලු රට වැසියාගේ අවංක අශිර්වාදය හා සහයෝගය හිමිවිය යුතුය.
අපේ හිටපු සරල ජනාධිපතිතුමත් වැඩ පටන් ගත්තේ රුපියල් දහයේ බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරලා. ඔහොම යමු...
මම ඔබතුමාට ඡන්දය දුන්නේ නැහැ. නමුත් මේ කරන වෙනස්කම් වලට හරි කැමති. ඉදිරියටත් මේවගේ රටට හිතැති තීරණ ගැනීමට ශක්තිය ලැබේවා.!
රට නන්නත්තාර වෙලා තිබුනේ... මට නම් දරුවෙකුට තාත්තා කෙනෙක් නැති වෙලා අපහු තාත්තා හම්බ උන වගේ හැගීමක් තියනවා... ඔබ තුමා රටට සේවය කරන්න. ඔබ තුමා අපේ සේවකයෙක්. මහා ජනතාව ඔබ තුමාව ඔතනට උස්සල තිබ්බේ. විශේෂයෙන් සිංහල ජනතාව ඔබතුමාව උස්සලා ගෙනාවේ... රට ගොඩ ගන්න.. හොරු ලන් කර ගන්න නම් එපා.. ඔබට සුබ පැතුම්!!!
ඉතාම හොඳ වැඩක්.
ඉතාම හොඳ වැඩක්
අනිකුත් රාජ්‍ය ආයතන වලද මෙය පටන් ගන්න.. සමහර නිලධාරීන් වාහන 2 , 3 තියාගෙන ඉන්නවා... බිරින්දෑවරුන්ට වෙනම තියෙනවා.
අනේ දෙයියනේ ... දැන්වත් අපේ බදු මුදල් වලින් හරි ප්‍රයෝජනයක් රට ට ලැබෙන්න කියලා පතනවා... තව තියෙනවා සුද්ධ කරන්න ගොඩක් කුණු.
මෙයයි අප පැතූ වෙනස. විශිෂ්ටයි ජනපතිදුනි..
ඉතා හොද ආදර්ශයක් ජනපතිතුමනි, දැන් ඉතින් මැති ඇමතිවරැන්ටත් මේ වගේ රට ගැන හිතල තීරණ ගන්න වෙනවා.
වැදගත් තීරණයක්. ජය වේවා !
ඇත්තෙන්ම අනවශ්‍යය කාර්ය මණ්ඩලය අඩුකිරීම බොහොම හොදයි. අප විශ්වාස කරනවා අපගේ නවතම මුල් පුරවැසියාට සියලුම අංශවල අනවශ්‍ය වියහියදම් අඩුකිරීමට හැකිවේවා කියා. එමෙන්ම ඔය එක එක මුල් ගල් තැබීම, විවෘත කිරීම් වලට යන අති විශාල මුදල් සම්බාරයත් ඉතිරිකර ගැනුමට " එවන් බොළද මෝඩ වැඩ " මුළුමනින්ම නවතා තැබිය යුතුය.
ඔව් හිටපු මැතිතුමාත් පටන්ගත්තේ ඔහොම තමයි. ඉවර උන හැටි හැමෝම දන්නවනේ .ඔබතුමාගේ ඔය වටිනා තීරණ එන මහා ජන්දයෙන් පස්සෙත් පාලන කාලය අවසන් වෙනකම් තිබුනොත් නිසැකයෙන්ම ඊලග ජනපතිත් ඔබයි.
ආරම්භය පමණි........
සරලකමත් අවංකකමත් උඩින් පටන්ගත්තොත් පහළටත් ගලාබසීවී ලාංකීය ජනතාව දැන් වෙනදාටත් වඩා දේශපාලකයන් ගැන අවධානයෙන් ඉන්නා බව මෙවර මැතිවරණයේ ප්‍රතිපලවලින් පැහැදිලියි බලය ලබගත් අය ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට බැදී ඇත.
එතුමාට මේ වැඩ දිගටම කරගෙන යන්න නම් නාස්තිය පිටු දකින අවංක කට්ටියක් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. නැත්නම් ඒ අය බලය පාවිචි කරලා එතුමාව අයින් කරන්න බලයි. විස්වාසභංග එහෙම ගෙනත්....
ඔබගේ ප්‍රතිවාදී අපේක්ෂකයා යෝජනා කල තීරු බදු රහිත වාහන පර්මිට් නවතා දැමීමත් කියාත්මක කල යුතුයි. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ඔවුන්ට කඩේ යන හිමි වරුන්ටත් වාහන් පර්මිට් දුන්නා. කරුණාකර සියළුම වාහන පර්මිට් නවතා මැදපෙරදිග වහල් සේවයෙන් ලැබෙනා විදේශ විනිමය ඉතීරිකරන්න.
පුලුවන්නම් ඔය වැඩකට නැති පළාත් සභාත් අහෝසි කරලා දමන්න. එතකොට තව විශාල මුදලක් ඉතුරු වෙනවා. අර ඇමතිවරු පාවිච්චි කරන v8 වෙන්දේසි කරලා දමන්න. ඔවුන්ට කියන්න මන්ත්‍රීකමට ඔවුන්ට දුන්න තීරුබදු රහිත වාහනය භාවිතා කරන්න කියලා. මෙවැනි දේවල් කළොත් අපට ගෙවන්න තිබෙන ණය කන්දේ පොළියෙන් 25% ක් විතර ශේප් කරගන්න පුළුවන්. නැතිනම් සිදු වෙන්නේ ණය පොලිය ගෙවන්න අලුත් ණය ගැනීමෙන් ණය කන්ද ලොකුවෙලා, බදු වැඩිවෙලා ජිවන බර ඉහළ ගොස් එල්ලෙන්න වැලක්වත් නැති වෙන එකයි. එහෙම වුනොත් අපට සිදුවෙන්නේ තව අවරුදු 10-15 ක් පිට රටකට ගිහින් පදිංචි වෙන්න.
සමහර කාර්ය මණ්ඩලය බාදාවක් කිසි කෙනෙක්ට කිසිම අවශ්‍යතාවයකට අදාල තැනට එන්න බැහැ එහෙම එන්න පුළුවන් ඉන්න නිළධාරීන්ට පඬුරු පාක්කුඩම් අල්ලස් සපයන අයට විතරයි.
ලංකාවේ වාහන කී දාහක් නාස්ති වෙනවද? සුලු අලුත් වැඩියාවකින් හදන්න පුළුවන්. ඒවා දිරන්න දීලා අලුත් ඒවා ගෙන්නනවා. කාටවත් දෙන්නෙත් නැහැ. විකුණලා දාන්නෙත් නැහැ. ඔහේ දිරමින් නාස්තිවෙන වාහන හොයලා බැලුවොත් විශාල සංඛ්‍යාවක් තියෙනවා.
ජයවේවා අති ගරු ජනාධිපති තුමනි. ඔබ කරන වෙනස්කම් හරියට හරි , මුළු ලෝකයම බලන් ඉන්නේ ඔබ තුමාගේ හැකියාව. ටික දවසකින් සියලු ජනයා ඔබ සමගයි. අපි හිත් වලට තදින් වැදිලා ඉවරයි ඔබේ හැකියාව. ඇත්තටම ගොඩක් අය දැනුවත් නැහැ ඔබ තුමා ගැන. මේ අපේ රට ටික කාලයකින් සම්පුර්ණ වෙනසක් වෙයි කියලා හිතනවා. සුබ දවසක්.
අවසානය වෙනකම් මේ විදිහට වැඩකළොත් නියමෙටම නියමයි...!
මෙය ඉතාමත් ප්‍රශංසනීයයි...