IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි අගමැතිට නොතිසී

(තිළිණි ද සිල්වා)

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සිකුරාදා  (18) පෙනී සිටින්නැයි  දන්වමින්  එම කොමිසම විසින් නොතිසී නිකුත් කරනු ලැබ ඇත.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගණයක වී ගබඩා කිරීමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් ගොනු කර ඇති පැමිණිල්ලට අදාළව සාක්කි ලබා ගැනීම සඳහා කොමිසමේ සභාපති විශ‍්‍රාමික විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් මෙම නොතීසිය නිකුත් කළ බව එම ජනාධිපති කොමිසම පවසයි.

ඒ අනුව කොමිසන් සභා අඥා පනතේ 16 වැනි වගන්තිය යටතේ නීතීඥ නියෝජනයක් මඟින් හෝ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවන් පෙනී සිටින ලෙසට අද (15) දින කොමිසම අග‍්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නේ යැයි එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මීට අමතරව මෙම පැමිණිල්ලට අදාළව අමාත්‍ය දයා ගමගේ මහතාටද සිකුරාදා (18) දින කොමිසම හමුවේ පෙනී සිට සාක්කි ලබා දෙන ලෙසට කොමිසම නොතීසි නිකුත් තර ඇත.

තවද මෙම පැමිණිල්ලට අදාළව සාක්කි ලබා දීමට හෙට (16) දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති අජිත් ඩයස් මහතාට දැනුම් දී ඇත.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගණයක වී ගබඩා කිරීමෙන් එයට සිදුව ඇති පාඩුව කොපමණදැයි ගණනය කිරීම සඳහා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (14) සාක්කි දුන් එම ගුවන්තොටුපළේ කළමනාකරු නලීන් උපුල් ජයසූරිය මහතා ප‍්‍රකාශ කර ඇත්තේ ගුවන් තොටුපළේ අංගණයක වී ගබඩා කිරීම හේතුවෙන් එම අංගණයේ විදුලි පද්ධතියට සහ වායු සමීකරණ පද්ධතියට හානී සිදුව ඇති බවය.

තවද ගුවන් තොටුපළ ආරම්භ කළ අවදියේ ගුවන් යානා 22 ක් 23 ක් පමණ එම වකවානුවේ ගොඩ බැස්සවූ බවත් පසුව එය ක‍්‍රමයෙන් වැඩි වූ බවද කී එම ගුවන්තොටුපොළ කළමනාකරු වැඩිදුරටත් කොමිසම හමුවේ කියා සිටියේ මේවන විට මත්තල ගුවන් තොටුපළ ඉහළ අහසේ දිනකට ගුවන් යානා 300ක් පමණ ශ්‍රී ලංකාව හරහා යන බවද කියා සිටියේය.

ඒ සෑම ගුවන් යානයක්ම ඩොලර් 250 කට ආසන්න මුදලක් වශයෙන් දිනකට ඩොලර් 5000ක් පමණ ශ්‍රී ලංකා රජයට ලැබෙන බවද මත්තල ගුවන්තොටුපළ කළමනාකරුවරයා කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය.



අදහස් (2)

ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි අගමැතිට නොතිසී

sirimal Wednesday, 16 October 2019 09:10 AM

ලබන 17 වෙනිදායින් පස්සේ " සමහරවිට" ඔය කෝලම් සම්පූර්ණයෙන්ම නවතින්න පුළුවන්. "නඩුත් අපේ, බඩුත් අපේ" කියලනේ අපේ මහත්තයා හාහා පුරා කියලා කරපු කතාවේදී පොරොන්දුවක් දුන්නේ. අර මාධ්‍ය සාකච්ඡාවේදී කවුදෝ සුදුවෑන් කතාව ගැන ඇහුවහම හිකි හිකි ගගා" ඕවා ගැන විතරයි අහන්නේ ඇයි 88-89 කාලේ ගැන ප්‍රශ්න අහන්නේ නැත්තේ " කියලා ඇහුවා වගේ මතකයි. 88-89 කාලේ අපේ මහත්තයා ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයකු ලෙස මාතලේ විජය විද්‍යාලය පැත්තේ එහෙම කරපු රාජකාරි ගැන මතක් වෙන කොට අයියට මොනවා හිතෙන්න ඇත්දැයි කියලයි මම මේ කල්පනා කරන්නේ...

:       71       194

Sidath Wednesday, 16 October 2019 10:54 AM

සිරිමල් යන්නෙ කොහෙද මල්ලෙ පොල් කිව්වලු. මේ නිව්ස් එකෙන් කියන්නෙ අගමැතිගේ දක්ෂ පරිපාලන හැකියාව නිසා උන විනාශයක් ගැන මිසක් රාජපක්ෂලා ගැන නෙමෙයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 182 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site