(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සමුළුව 21 වැනි දා ඇමැතීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතිම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගියේය .
ජනාධිපතිවරයා සැසිවාරය ආරම්භ වන දිනයේම සමුළුව ඇමතීමට නියමිත අතර ,ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන පළමු අවස්ථාව ද මෙය වේ.
විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී එල් පිරිස් ,ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර ,ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග , විදේශ කටයුතු ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මෙම සංචාරයට එක්ව සිටිති. ජනාධිපති බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්වී සිටින අතර, රාජපක්ෂ මහත්මිය සිය පෞද්ගලික වියදමින් මෙම සංචාරයට එක්ව ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනපති එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට නිව්යෝක් බලා යයි
රංග තේනුවර Saturday, 18 September 2021 09:58 AM
බොහොම හොදයි ජනාධිපතිපතිතුමනි. ඇමරිකාවේ සුද්දට කියලා දෙන්න එයාලා ඇෆ්ගනිස්ථානයෙන් පරාජ වෙලා ආවට අපි යුද්ධේ ඉවර කරපු විදිය ගැන. අපේ රටට ඕනිවට වඩා ඇගිලි ගහන්න එපැයි කියන්න. කෝවිඩ් රෝගයට සාර්ථකව අපේ රට මුහුණ දේ අයුරු ගැනත් ලොව දැනුවත් කරන්න. ඔබතුමාට ජය.
nimalSaturday, 18 September 2021 05:28 PM
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සමුළුව 21 වැනි දා අමතා ලෝක නායකයින් ඉදිරියේ බොරු කීම හැර වෙනත් දෙයක් නොමැත. රජයේ අැමැතිවරයකු වන ලොහාන් රත්වත්තේ විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහ ජිනීවා මානව හිමිකම් කොමිසමට අවශ්‍ය සියලු කරුණු මේ වනවිට සපයා ඇත...
Ratne Saturday, 18 September 2021 10:02 AM
මෙවැනි හිතුවක්කාර පාලකයින්, යනවා නම් රටට හිතකරයි.
සෑම් Saturday, 18 September 2021 10:26 AM
නිව්යෝර්ක් නුවර සිටින සියළුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම උද්ගෝෂණයක් සංවිධානය කරන්න, ඉතාලියේ කරා වගේ.
kamal Saturday, 18 September 2021 10:28 AM
එනකං ඒගොල්ලොත් බලාගෙන ඉන්නවා ඇති.
Ratne Saturday, 18 September 2021 10:28 AM
තම රැකියාවේ මද විරාමයක් ලැබීම නිසා, යුවල තම දේශ භුමිය බලා යන වගයි.
පිටිගල මිලානෝ Saturday, 18 September 2021 10:39 AM
ගිහින් කියයිද දන්නේ නැහැ..... අපි තමයි හොදටම කලේ කියලා...
Nimal Saturday, 18 September 2021 10:41 AM
ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාව, ඔහුට ලැබිය යුතු දේ ඔහුට දෙන්න.
අරුණ Saturday, 18 September 2021 10:54 AM
මොනා කියයිද දන්නේ නැහැ...
Warnakulasuriya ShiranthaSaturday, 18 September 2021 11:22 AM
අපි තමයි හොදටම කර ගත්තෙ
සිරිබිරිස් Saturday, 18 September 2021 11:33 AM
ආපහු එන්න එපා
Perera Saturday, 18 September 2021 12:11 PM
ලංකාව ඇතුලේ සිංහ පාට් ජාත්‍යන්තරේ ඉදිරියේ පූස් පාට්
Lalith M Saturday, 18 September 2021 12:23 PM
මොන කථාද මේ? එයා ගියේ තම රටට... එතුමාගේ විදේශ රැකියාවේ කාර්යයක් වෙනුවෙන් ගියාට ගෙදර එහෙම ගිහිල්ලා ඒ වැඩ වත්ත, පිටිය අර හුරතල් මෝරුටික එහෙම බලලා ඒවි. ඉතිරි ටිකත් ඉවර කරන්න...
kamani Saturday, 18 September 2021 12:55 PM
අමතක වෙලා එහෙ කරපු පරණ රස්සාවට යවයිද ?
සෝමේ Saturday, 18 September 2021 01:02 PM
අනේ දෙවියනේ ආපහු මෙහෙ එන්න නොලැබේවා...! ඉල්ලන දෙයක් දීලා ඔහොම නතරකරන එක ලංකාවට සුබයි.. මොහුගේ කාලකන්නිකම නිසා මුලුරටම විපතට පත්වී ඇත.. අද සිට යම් සුබතාවයක් රටට ඇතිවෙයි. ආපහු එන්න නම් නොලැබේවා...!!!
Ranjit Saturday, 18 September 2021 02:17 PM
පව්නේ ඉතින්. කුළුඳුලේ ලැබුණු පින්වන්ත මිනිබිරීගේ මුහුණ බලන්නේ නැතුව තව කොච්චර කාලයක් ඉන්නද අප්පා? එක්කෙනෙක් ගුවන් ගමනට අතින් වියදම් කළාලු... අතින් වියදම් කරන්න රස්සාවකුත් නොකර මේ කෙටි කාලෙට කොහොමද දන්නේ නෑ එතරම් මුදලක් හරිහම්බ කර ගත්තේ..?
oracle Saturday, 18 September 2021 02:26 PM
ආපහු එන්න කරදර වෙන්න එපා...
neil Saturday, 18 September 2021 03:16 PM
අමතන්න නෙවෙයි, කට උත්තර දෙන්න යනවා කියන්න...
Sriland Saturday, 18 September 2021 09:26 PM
රටේ තාත්තා ගෙවල්වල ළමයින්ව හිරකරලා ලෝකේ වටේ යනවා, අපිත් ආසයි නෑදෑයන් බලන්න යන්න.