IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ජනපති ඉන්දියානු සාගර සමුළුව අමතයි

(යොහාන් භාසුර)

‘කෙවිඩ්’ වසංගතයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත් කරගැනීම සඳහා කලාපයේ සියලුම දෙනා සහයෝගයෙන් එක්විය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (4) පැවසීය.

මෙම අභියෝගය ජයගත හැක්කේ ධනවත් ජාතීන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදෙන සහයෝගය මත පමණක් බව කී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සෑම පුරවැසියෙකුම එන්නත් කරන තෙක් කොවිඩ් අවධානම අවසන් නොවනු ඇති බව ද සඳහන් කළේය.

ඌන සංවර්ධිත රටවල එන්නත් කිරීමේ ක්‍රියාවලියට වඩාත් ඵලදායී ලෙස සහාය දෙන මෙන් එසේ කිරීමට හැකියාව ඇති සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා කීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබිහි ඊයේ (04) පස්වරුවේ ඇරඹි ඉන්දියානු සාගර සමුළුවේ සමාරම්භක දේශනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ පැවසීය.

එහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“ජීවිත අති විශාල ගණනාවක් බේරා ගැනීමේ කටයුත්ත මිල කළ නොහැකි වුවද, වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ලොව පුරා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් දැඩි පිරිවැයක් දැරීමට සිදුවිය. ආර්ථික ක්‍රියාකාරකම්වල ද සීඝ්‍ර මන්දගාමීත්වය ගෝලීය සංචාර, වෙළෙඳාම සහ ආර්ථික වර්ධනය කෙරෙහි බරපතල අභියෝග එල්ල කර තිබේ. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙය ඉතා දරුණු ලෙස බලපා තිබේ.

ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වය හා සලකා බලන කල, රටවලට ඔවුන්ගේ ආර්ථික ප්‍රකෘතිය සඳහා උපකාර කිරීමට කිසිඳු ගෝලීය ආයතනයක් ඉදිරිපත් වී නොමැත. වසංගතය පොහොසත් හා දුප්පත් රටවලට එක සේ බලපා ඇතත්, දුප්පත් රටවලට අසමානුපාතික බලපෑමක් දරාගැනීමට සිදුව තිබේ.

දැනටමත් බාහිර ණය බැඳීම්වලින් බලපෑමකට ලක්වී ඇති ආර්ථිකයක් සහිත රාජ්‍යයන්ට පවතින තත්ත්වය ඉතා දුෂ්කර වී තිබෙනවා. වසංගතයෙන් පසු බලවත් පරිශ්‍රමයක් දරන දුප්පත් රටවල ණය ගෙවීම සඳහා සමාව දීමට, ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ සහන කාල සීමා සැලසීමට ධනවත් ජාතීන්ට මෙන්ම බහුපාර්ශ්වික සංවිධානවලට වැඩි ක්‍රියාමාර්ග ගත හැකි නම් එය බෙහෙවින් අගය කරනවා.

වසංගතය අත්දැකීම් අනුව එක රටක ඇති අහිතකර තත්ත්වයන් සීඝ්‍රයෙන් පුළුල් වූ කලාපයකටත් අවසානයේ මුළු ලෝකයටත් බලපෑම් ඇති කළ හැකිය. වසංගතය, ආර්ථිකය හෝ පරිසර විද්‍යාව සම්බන්ධයෙන් ජාතීන්ට බලපාන ගැටලු විසඳීමට කලාපය පුරා රටවල් සහ සමස්තයක් වශයෙන් ලෝකයම එක්ව කටයුතු කළ යුත්තේ එබැවිනි. පවතින දේශගුණික අර්බුදය මානව වර්ගයා විසින් ජයගත යුතු දුෂ්කරම අභියෝගයක් විය හැකියි.

එක්ප්‍රස් පර්ල් ව්‍යසනය හුදකලා සිදුවීමක් නොවේ. නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති වූ ගින්න සාමූහික පරිශ්‍රමයකින් සාර්ථකව මැඩපැවැත්වීය. මෙම සිදුවීම් දෙකම පෙන්වා දෙන්නේ අන්තරායකර සහ පාරිසරික සංවේදී ද්‍රව්‍ය, සාගර ප්‍රවාහනය සම්බන්ධයෙන් තිබිය යුතු දැඩි පාලනයක හදිසි අවශ්‍යතාවයයි.

රටවල් 18ක විදේශ අමාත්‍යවරු, රටවල් 40 කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයෝ 200 කට අධික පිරිසක් සමුළුවට සහභාගී වී සිටිති.

 



අදහස් (8)

ජනපති ඉන්දියානු සාගර සමුළුව අමතයි

සෙනෙවිරත්න Sunday, 05 December 2021 02:07 PM

ඔතන ගිහිල්ලත් කාබනික විප්ලවය ගැන දොඩවාවි...

:       18       13

සිරිබිරිස් Sunday, 05 December 2021 02:11 PM

එයා දන්නේ අමතන්න විතරයි නේ. වැඩක් කරන්න දන්න එක්කෙනෙක් යෑ...!

:       16       13

Hafeel Sunday, 05 December 2021 02:40 PM

ඔබ හරියටම කිව්වා...

:       9       8

kamal Sunday, 05 December 2021 02:28 PM

ඕකත් කීයකට හරි විකුණලා දායිද?

:       5       11

fairoos Sunday, 05 December 2021 02:52 PM

හිඟාකන්න වගේ ගිහිල්ලා ඉන්නේ...!

:       19       6

Lal Sunday, 05 December 2021 03:00 PM

නන්දසේන මහත්තයා සමුළු අමතනවා.. මෙහෙ මුළු ලංකාවම ගිනි ගන්නවා.. අනේ මන්දා ලෝකෙට පරකාසේ ගෙදෙට්ට මරගාතේ..!!! 

:       13       10

siri Sunday, 05 December 2021 03:56 PM

හිටපු අගමැතිවරයා කිට්ටු කරගන්න ගිය දුරක්...

:       11       6

kapila Sunday, 05 December 2021 05:37 PM

අපි මෙහෙ ගෑස් ටැංකි අමතනවා...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13566 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 966 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site